දින 100 වැඩ පිළිවෙල හදන්න : පොදු අපේක්ෂකයත් සහභාගී වුණා - ජයම්පති

දින 100 වැඩ පිළිවෙල හදන්න : පොදු අපේක්ෂකයත් සහභාගී වුණා - ජයම්පති

ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක පාර්ශ්වය ඉදිරිපත්කළ දින 100 වැඩපිළිවෙළ පොදු අපේක්ෂක කණ්ඩායම එක්ව සකස්කළ එකක් බවත්, එය තනි පුද්ගලයෙකු විසින් සකස් කරන ලද ලියවිල්ලක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න  පුවත්පතට පවසා ඇත.

දින 100 වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම ඒ පිළිබඳ සාකච්ඡාකළ අවසන් සාකච්ඡාවට පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේනද සහභාගි වූ බවත්, එම වැඩපිළිවෙළ වාක්‍යයෙන් වාක්‍යය සාකච්ඡා කළ බවත් ජයම්පති වික්‍රමරත්න එහිදී සඳහන් කර ඇත.

අපවත්වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම් උත්සවය පැවැති පෙරේදා(30දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින 100 වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර පොදු අපේක්ෂකයා තෝරාගැනීමටත් පෙර සිටම දින 100 වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහසක් පැවැති අතර, එය මුලින්ම ඉදිරිපත් කළේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු පිරිස ඉදිරිපත්කළ එම වැඩපිළිවෙළ 180ක වැඩපිළිවෙළක් වූ බවත්, පසුව එක්සත් ජාතික පක්ෂයේ යෝජනාව අනුව එය දින 100 දක්වා අඩුකළ බවත් ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න