එළැඹෙන සිකුරාදා සිට (08) ‘සැබෑ’ නමින් නවතම පුවත්පතක් එලි දැක්වීමට 'ප්‍රින්ට් බුක්' ආයතනය කටයුතු යොදා ඇත.
මෙහි ප්‍රධාන කතෘ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා කටයුතු කරන අතර කුල ශ්‍රී කාරියවසම් මහතා ප්‍රවෘත්ති විශේෂාංග කතුවරයා ලෙසත් මහින්ද ඉලේපෙරුම විශේෂාංග කතුවරයා ලෙසත් කටයුතු කරයි. මංජුල බටුගෙදර හා කේ.ඩී.ජේ. රත්නායක යන මාධ්‍යවේදීන් ද මෙම පුවත්පතේ කතු මන්ඩලය නියෝජනය කරති.
ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ සති අන්ත පුවත්පත්ක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත මෙම නව පුවත්පත කළු -සුදු පැහැයෙන් යුතුව 'රාවය' පුවත්පතේ පෙර ආකෘතියට අනුව සැකසෙනු ඇතැයි වාර්තාවේ.
ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ‘වියත්මග’ සංවිධානයේ අනුග්‍රහයෙන් මෙම පුවත්පත ප්‍රකාශයට පත් කරන බවට රාවයක් පැතිරී ඇතත් එහි කිසිදු සත්‍යතාවයක් නැති බව නව පුවත්පතේ ප්‍රධානිහු කියා සිටිති.
බන්ධුල පද්ම කුමාර මහතා සිය නව පුවත්පත නාමකරණය කර ඇත්තේ, 'ටැබ්ලොයිඩ් කලාවෙන් ජාතික ප්‍රවාහයට' යනුවෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
