'සිරිකොත' එජාප මූලස්ථානය නවීකරණය කිරීමේ සිද්ධිය අදාලව අත්අඩංගුවට ගත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂට ඇප

'සිරිකොත' එජාප මූලස්ථානය නවීකරණය කිරීමේ සිද්ධිය අදාලව අත්අඩංගුවට ගත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂට ඇප

2019 වසරේ සිරිකොත පක්ෂ මූලස්ථානය මුදල් අය කිරීමකින් තොරව අලුත් වැඩියා කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර ගුණරත්න ජයතිලක මහතා ඇපමත මුදා හරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  හමුවට පමුණුවන ලැබිය.

ඉන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කළේය.

ගාස්තු අය කිරීමකින් තොරව 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය නවීකරණය කිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ යෙදවීම තුළින් රජයට රුපියල් දහසය ලක්ෂයකට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට දූෂණ චෝදනාවක් යටතේ මෙම සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න