21 රැලිය : නාමල් - සුමන්තිරන් හමුවක්

21 රැලිය : නාමල් - සුමන්තිරන් හමුවක්

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් කොළඹදී සිදුව තිබේ.

ජාතික ජන බලවේග රජයට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කරන මහජන රැලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සුමන්තිරන් මහතා හමුවූ බව නාමල් රාජපක්ෂ පවසයි.

ITAK පක්ෂය මෙම විරෝධතා රැලියට සහභාගී නොවන නමුත්, විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලද බවද නාමල් රාජපක්ෂ  කියයි.

දිගු කලක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව තමා සහ සුමන්තිරන් මහතා මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළේ යැයිද නාමල් රාජපක්ෂ  සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න