රජයේ අභිචෝදක (නඩු පවරන්නා) අධ්‍යක්ෂ කාර්යාල යෝජනාවට නීතිපති නිලධාරීන්ගේ විරෝධය

රජයේ අභිචෝදක (නඩු පවරන්නා) අධ්‍යක්ෂ කාර්යාල යෝජනාවට නීතිපති නිලධාරීන්ගේ විරෝධය

නීතිපති දෙපාර්තමේන්තුවෙන් වෙන්වූ රජයේ අභිචෝදක (නඩු පවරන්නා) අධ්‍යක්ෂ කාර්යාලයක් (Office of the Director of Public Prosecutions) ස්ථාපිත කිරීමට සිය දැඩි විරෝධය පළ කිරීමට නීතිපති දෙපාර්තමේන්තු නීති නිලධාරීන්ගේ සංගමය නොවැම්බර් 14 දින පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇති බව සංගමයේ ලේකම් මිහිරි ද අල්විස් මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම යෝජනා සම්මතයෙහි දැක්වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරයෙන් වෙන්වූ රජයේ අභිචෝදක (නඩු පවරන්නා) අධ්‍යක්ෂ කාර්යාලයක් ස්ථාපිත කිරීම පිළිබඳව පියවර ගනිමින් ඇත්තේ අපරාධ යුක්ති ක්‍රියාවලිය වේගවත් කිරීම සහ එහි ස්වාධීනත්වය සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ උදෙසා යැයි ප්‍රකාශ කරමින් බවය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය, කාර්යක්ෂමතාවය සහ එහි කාර්යයන්හි විනිවිදභාවය අත්‍යවශ්‍ය බවත්, ඒවා වැඩිදියුණු කිරීම සඳහා යෝජනා ඕනෑම එකක් නිසැකවම පිළිගනු ඇති බවත් යෝජනා සම්මතයෙහි දැක්වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය යටතේ පවතින නඩු පැවරීමේ කාර්යය පමණක් නොව, සිවිල් අංශය ඇතුළු අනෙකුත් සියලුම කාර්යයන්ද ස්වාධීනව සහ විනිවිදභාවයෙන් යුතුව සිදුකළ යුතු බව සංගමය තීරණය කළේය.

“නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමේ කාර්යයන් අනෙකුත් කාර්යයන්ගෙන් වෙන්කිරීම මගින් එම ස්වාධීනත්වය, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ලබාගත හැකි බවට යෝජනා කිරීමට කිසිදු අනුභූතික හෝ විද්‍යාත්මක පදනමක් හෙළි කර නොමැත. ඊට පටහැනිව, නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාකාරිත්වය බෙදා වෙන්කිරීම නිසා දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය සහ වෘත්තීය ප්‍රමිතීන් ක්ෂය වීමටත්, අකාර්යක්ෂමතාවයට දායක වීමටත් හේතු වේ. එබැවින් එවැනි බෙදා වෙන්කිරීමක් අසාධාරණ, අත්තනෝමතික මෙන්ම කිසිදු තාර්කික පදනමක් හෝ වටිනාකමක් නොමැති සහ ප්‍රතිඵල රහිත වනු ඇත” යනුවෙන් නීතිපති දෙපාර්තමේන්තු නීති නිලධාරීන්ගේ සංගමය සිය යෝජනා සම්මතයෙහි දක්වා ඇත.

මුලාශ්‍රය :

AG’s officers adopt resolution, rejecting separate Public Prosecution Office

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න