විගීගේ දෙමළ ජනතා සභාව : උතුර නැගෙනහිර තරුණ සමුළු කැඳවයි

විගීගේ දෙමළ ජනතා සභාව : උතුර නැගෙනහිර තරුණ සමුළු කැඳවයි

යුධ සමයෙන් පසුව උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන ජූලි තරුණ සමුළුවක් පැවත්වීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන්කර ඇත්තේ  යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේ දී දෙමළ ජනතා සභාවේ සාමාජික රැස්වීමක් සඳහා සහභාගී වෙමිනි.

යුද්ධය නිසා උතුරු නැගෙනහිර තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට ගැටලු ඇති බවත් තමන්  පළමුව ලබන මාසයේ  උතුරේ තරුණ තරුණියන් වෙනුවෙන් යාපනයේ සමුළුවක් ද  අනෙක් සමුළුව  නැගෙනහිර ප්‍රදේශයේ ද පවත්වා   දෙමළ තරුණ තරුණියන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.

එසේම ඊළඟ පරපුර පවත්වාගෙන යාමට නම් දැන් සිටින පරපුරේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතු බවත්  දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට හැකි තරුණ ප්‍රජාවට බැවින්  උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ලබාදිය හැකි ආර්ථික හා සංවර්ධන විසඳුම් ලබාදීම ද අරමුණු කරගත්  තරුණ සංසදයක් ගොඩනගා ගත යුතු බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත.

දෙමළ ජනතා සභාව මගින් සිදු කරන සියලු ක්‍රියාවන් දෙස දෙමළ ජනතාව බුද්ධියෙන් බැලිය යුතු බවත්  අපි දේශපාලඥයින් සහ විවිධ පුද්ගලයින් එකතු කරගෙන යාමෙන් එය  දේශපාලන පක්ෂයක් නොවන බවද ඔහු සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න