අනුර මෝදිට ස්තූතියි කියයි - විජිත, සන්තෝෂ් ජා හමුවේ

අනුර මෝදිට ස්තූතියි කියයි - විජිත, සන්තෝෂ් ජා හමුවේ

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ස්තූතිය පළ කර තිබේ.

ඔහු පැවසුවේ එය ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබිඹු කිරීමක් ලෙසයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පැවසුවේ මෑත කාලීන අයහපත් කාලගුණයෙන් පසුව ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබා දුන් ස්ථිර සහයෝගයට මම මගේ අවංක කෘතඥතාව පළ කරන බවයි.

ඉන්දියාවේ උත්සාහයන්ගේ බලපෑම ඉස්මතු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ සාගර්-බන්ධු මුලපිරීම යටතේ ඉන්දියාවේ කඩිනම් සහාය දෙරටේ හවුල්කාරිත්වයේ ගැඹුර සහ දෙරටේ ජාතීන් අතර කල් පවතින හොඳ හිත අවධාරණය කරන බවයි.

හදිසි අවස්ථා වලදී ලබා දෙන සහයෝගීතාවය අසල්වැසියන් දෙදෙනා අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර හමුවක්

මේ අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගිය දා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවී තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිය X ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මෙලෙස සඳහන් කර තිබුණි.

''අපගේ සමීප මිතුරෙකු සහ අසල්වැසියකු ලෙස සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවේ ආපදා සහන සේවා සඳහා ඉන්දියාව ලබා දුන් ක්ෂණික සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන්, අවංක කෘතඥතාව පළ කළෙමි. තවදුරටත් අපගේ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා ඉදිරි සහයෝගීතාව කෙරෙහි ද අවධානය යොමු විය.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න