නීති විරෝධී මූල්‍ය ආයතන ඇතුළු මුදල් වංචා පිළිබඳ පැමිණිලි දහසකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළැයි පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
මෙලෙස විමර්ශනය කරන පැමිණිලි අතර: පිරමිඩ වංචා ක්‍රම මගින්මුදල් වංචා කිරීම, නීති විරෝධී ණය ව්‍යාපෘති, සහ පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම යනාදි පැමිණිලි ඇතුළත් බව පොලිසිය පවසයි.
පොලිසිය පවසන ආකාරයට මීට අමතරව මත් ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ හතළිස්දෙනකු ගේ දේපළ පිළිබඳව ද විමර්ශන ආරම්භ කර ඇත. එම දේපළ උපයාගෙන ඇත්තේ නීති විරෝධී ආදායම්වලින් නම් අදාළ දේපළ තහනම් කිරීමට පියවර ගන්නා බව ද පොලිසිය පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
