විනිසුරුවරුන්ට එරෙහි විවේචන වහා නවතනු! - අධිකරණ සේවා සංගමය

විනිසුරුවරුන්ට එරෙහි විවේචන වහා නවතනු! - අධිකරණ සේවා සංගමය

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සහයන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.

අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කිරීම මඟින් අධිකරණ පද්ධතිය පිළිබඳ ඇති මහජන විශ්වාෂය පළුදු කිරීමටත් එමඟින් නීතීයේ අධිපත්‍යයට බලපෑම් කිරීමට උත්සහ කරන නිශ්චිත මෙන්ම ඉලක්කගත විනාශකාරී උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේද? යන්න පිළිබඳවද තම සංගමයේ දැඩි අවධානය යොමු වී ඇති බවද අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට විඩිදුරටත් දැනුම් දී ඇත.

අධිකරණ සේවා සංගමයේ සභාපති පසාන් අමරසේන සහ සංගමයේ ලේකම් සුරංග මුණසිංහ මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක් මඟින් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට මේ බව දැනුම් දී ඇත.

අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කිරීම මඟින් අධිකරණ පද්ධතිය පිළිබඳව ඇති මහජන විශ්වාසය පලුදු කිරීමට උත්සහ දැරීම යන සිරස්තලය යටතේ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට අදාළ ලිපිය යොමු කර තිබේ.

විවිධ පාර්ශවයන් විසින් මෑත කාලයේ අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ අධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට උත්සහ කිරීම පිළිබඳ සංගමයේ දැඩි අවධානය යොමු වී ඇතැයි දැනුම් දෙන අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ තීරණ වලට කෙළින්ම හෝ අන්‍යාකාරයකින් බලපෑම් කිරීම සහ අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරයකට හෝ අයාතනයකට අපහාස කිරීම මෙන්ම විනිසුරුවරුන්ට අපහාස කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිර දඬුවම් ලැබිය යුතු බවටද අවධාරණය කර ඇත.

අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කිරීම මඟින් අධිකරණ පද්ධතිය පිළිබඳ පොදු මහජනතාවට ඇති විශ්වාෂය පළුදු කිරීමටත් එමඟින් නීතීයේ අධිපත්‍යයට බලපෑම් කිරීමත් මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කිරීමේ නිශ්චිත. ඉලක්කගත විනාශකාරී උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේද? යන්න පිළිබඳ සංගමයේ දැඩි අවධානය යොමු වී ඇතැයි අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට දැනුම් දෙන අධිකරණ සේවා සංගමය එවන් උත්සහයන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට සංගමය කිසිවිටෙකත් පසුබට නොවන බවටද දැනුම් දී ඇත.

lkhklkdf

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න