ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට

ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26වෙනි දාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල් රාජපක්ෂ, සජබයේ පා.ම. වන චිත්‍රාල් ප්‍රනාන්දු, චාමිද්‍රිනී කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධනත් පොදුජන පෙරමුණේ හිටපු පාම වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල සහ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂත් ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තය බලා පිටත්වීමට නියමිතය.

එමෙන් ම මෙම කණ්ඩායම, ලෝකයේ විශිෂ්තම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් වන ඔඩිසා ආපදා කළමනාකරණ මධ්‍යස්තානයේ නිරීක්ෂණ චාරිකාවකට සහ අසෝක රජුගේ සමයට අයත් බෞද්ධ පුරාවස්තු නැරඹීමේ සංචාරයකට ද එක්වීමට නියමිතය.

මෙම සංචාරය පිළිබඳ සුහද සාකච්ඡාවක් පසුගියදා ඉන්දියානු මහාකොමසාරිස්වරයා ගේ නිල නිවසේ දී පැවැත්විණි.

 

namal2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න