පිළිකා ඖෂධ ගැටලුවක් පිළිබඳව CIDයට පැමිණිල්ලක්

පිළිකා ඖෂධ ගැටලුවක් පිළිබඳව CIDයට පැමිණිල්ලක්
පිළිකා ඖෂධ 40ක හිඟයක් පැවතීම සහ ලියාපදිංචි කර නොමැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව යන අය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එහි දී අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ පිළිකා රෝහල තුළ පමණක්, පිළිකා ඖෂධ කාණ්ඩ 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රමාණවත් තරම් තොග නොමැති වීම හේතුවෙන් එම ඖෂධ අධික මිල ගණන් යටතේ බාහිරින් මිල දී ගැනීමට සිදුව ඇති අතර එසේ මිලදී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව ද ගැටලු පවතින බවය.

''ලියා පදිංචි නැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ පවතිනවා.. අපි දන්නේ නෑ මේ ඖෂධය ඇතුළෙ තියෙන්නේ ඇල්වතුර ද, බැක්ටීරියා ද, ලුණු වතුරද කියලා,'' යැයි ද ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ  සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජිව වැඩි දුරටත් පැවසී ය.

මේ අතර ගෙන්වන බෙහෙත්වල ගුණාත්මකභාවය සහ එය ලියාපදිංචි කර ඇත්දැයි සොයා බැලීම ආණ්ඩුවේ වගකීම වන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මෙහි දී පැවසී ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න