ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වන කර්ණාටක ප්‍රාන්තයේ සිද්ධරාමයියා සහ නාමල් රාජපක්ෂ අතර හමුවක් අද දින බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේ දී සිදුවිය.
කර්ණාටක ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා සංවර්ධනය සහ දියුණුව සහතික කිරීම සඳහා බොහෝ වැඩකටයුතු සිදු කර ඇති අයෙකි. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් උදෙසා ඔවුන් ගේ ජීවිත නගාසිටුවීම සඳහා වන සමාජ සුබසාධන යෝජනා ක්‍රම ද ඔහු යටතේ ක්‍රියාත්මක වේ.
මහාමාත්‍ය සිද්ධරාමයියා නාමල් රාජපක්ෂ සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය. කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

