නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව ජුලි මස 30වන දාට කල් යයි

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව ජුලි මස 30වන දාට කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළ පැමිණිල්ල යළි ජූලි මස 30වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

මෙම පැමිණිල්ල අද (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිවු දෙනකු අධිකරණයේ පෙනී සිටියහ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව යි.

ඒ අනුව පැමිණිල්ල යළි ජූලි මස 30 කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදිනට නීතිපති උපදෙස් පිළිබඳ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියම කළේ ය.

සමාගමක් පවත්වාගෙන ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අයතා ලෙස උපයාගත් මුදල් විශුධිකරණයට ලක්කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් 2016 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය පැවැත් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න