ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ භයානක සහ තර්ජනාත්මක දේශපාලන හා ආර්ථික අගාධයකට ඇද වැටී ඇති බවත්, වර්තමාන පාලකයින් විසින් රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගොදුරු බිමක් බවට පත් කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය පෙබරවාරි 02 වනදා බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේදී, දිස්ත්‍රික්ක හතක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කිරීමේ උත්සව අවස්ථාවට පක්ෂ නායකයා ලෙස සහභාගී වෙමිනි.
මීට වසර 10කට පෙර තමන් අනතුරු ඇඟවූ ආකාරයටම රටේ ආර්ථිකය අද වන විට බංකොලොත් වී ඇති බවත්, නිදහසින් පසු ගෙවී ගිය කාලයෙන් 60%ක් ම ශ්‍රී ලංකාව ගත කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් යටතේ බව ඉන්දියානු ආර්ථික විශේෂඥයින් පවා පෙන්වා දී ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී විමල් වීරවංශ කළ සම්පූර්ණ අදහස් පළ කිරීම ය.


