මාදැල් උද්ඝෝෂණය ආරම්භ වී අදට දින නවයක් ගෙවී ගිය ද තවමත් එයට පිළිතුරක් ලබා දීමට රජයට නොහැකි වී ඇතැයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දි ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර...
APP එක කෝ...?
''මේ ධීවර ජනතාව ඉන්නේ ජනාධිපතිතුමාට පේන දුරින්. ඔවුන්ට ඇහුම්කම් දෙන එක ආණ්ඩුවෙ යුතුකමක්. උද්දච්චකමට ප්‍රකාශ නිකුත් කරන එක නෙවෙයි. මෙතන ඉන්න ජනතාව ගෙන් සියයට අසූවක් පමණ ඡන්දය ලබා දුන්නේ ඔවුන්ට. සමහර අය අපෙන් උදව් අරගෙන අපෙන් සහනාධාර ක්‍රමයට බෝට්ටු අරගෙන අපිට වඩා වැඩිය යමක් කරයි කියන බලාපොරොත්තුවෙන් ඔවුන්ට ඡන්දය දුන්නා. අද ඔවුන්ට අහුවෙ පිච්චි පිච්ච ඉන්න වෙලා තිබෙනවා. අඩුම තරමෙ සාකච්ඡාවක්වත් නැතුව. දැන් මාළු මිලක් දෙගුණයකට තුන් ගුණයකට ඉහළ ගිහිල්ලා. මේක බලපාන්නේ පොඩි මිනිස්සුන්ට. මේ දල්වලට අහුවෙන්නේ සාලයෝ හාල්මැස්සෝ වගේ පොඩි මාළු. මං දැක්කා මේකෙන් පරිසර හානියක් වෙනවා කියලා. ඕනෑම ක්‍රමයකින් පොඩි හරි හානියක් සිදුවෙනවා. මේක වෙනසක් කරනවා නම් ඔවුන් සමග සාකච්ඡා කර විකල්ප ක්‍රමයකට යා යුතුයි. මේ ආණ්ඩුව දිගින් දිගටම කිව්වා ඇප් එකක් හඳුන්වනල දෙනවා කියලා උදේට sms එන්න. නියෝජ්‍ය අමතරවරයා ඊයේ බොරුවක් කිව්වා. මේ ඇප් එක පාවිච්චි කරලා දැන් ධීවරයෝ මාළු අල්ලන්න යනවා කියලා.
ගොවි ජනතාවත් අසීරුවට
අද තමන්ට ඡන්දය ලබා දුන් ධීවර ජනතාව ගොවිජනතාව අමතක කරලා. මේ පාරත් රටින් හාල් ගේන බලාපොරොත්තු වෙන්නනව නම් ඒක ඉතාම වැරදිවැඩක්. ගොවි ජනතාටට හරියට පොහොර සහනාධාරය නෑ, ආපදාවට පත්වුණු කුඹුරුවල මඩ ඉවත් ඉවත්කරන්න පියවර අරගෙනන නෑ. වී ටික ගන්නේ පෞද්ගලික මුදලාලිලා. 120 ට වී ගන්න තැනක් අද කොහෙවත් නෑ. අන්තිමට අසුවට සීයට ගන්නේ. ආණ්ඩුව අවුරුදු පහ කරගෙන යන්න. අද ආණ්ඩුවට ඡන්දෙ දීපු අය ම ආණ්ඩුව පන්නන මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට උන දේම අද වේගෙන යනවා.
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අදහස් දක්වමින්...
මාර්තු 15 වගේ ම ඊයෙත් කනගාටු දායක දවසක්
ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා මේ දෙක ම අද අසාර්ථක වෙලා තියෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට අද 9 වෙනි දෙන්නටත් වාඩිවෙලා ඉන්නේ අපිට කතිර ගහපු අය නෙවෙයි. අපිට අලුතින් දෙයක් ලැබෙයි කියලා කතිරි ගහපු කට්ටිය තමයි ඉන්නේ. මාර්තු 15 ආරම්භ වෙච්ච අරගලයේ දී අමරකීර්ති මාතා සහ පොලිස් නිලධාරියා ඝාතනය වෙනවා. ඊයේ දවල් වගේම එදා දවසෙත් මගේ හදවතට ඒ දුක ආවා. ඔහුව බිම ඇදගෙන යනවා ගහනවා. හැබැයි එදා කී දෙනෙක් සතුටු වෙන්න ඇද්ද මේ දර්ශනය දැකලා. එදා අපි දුක් වුණේ ඔහු අපේ මන්ත්‍රීවරයෙක් නිසාම පමණක් නොවෙයි. අරගලයක් නිසා කාගේ හෝ ජීවිතයකට හානි වෙනවා නම් දේපළකට හානි වෙනවා වෙනවා නම් ඒ කිසි දේකට අපි සතුටු වුණේ නෑ. අපි කණ්ඩායමක් දුක් වෙනකොට සතුටු වෙච්ච පිරිසකුත් හිටියා මේ අයට මෙහෙම වෙලා මදි කියලා.
අපිටත් දරාගන්න අමාරුයි
ඔහුව ඝාතනය වෙලා අදට දින 1373 වෙනවා. අපි දැක්කා ඊයෙ දිනේ තවත් දුක හිතෙන දර්ශන කීපයක්. මේක නඩුවක් බවට පත්වෙලා ඓතිහාසික තීන්දුවක් මිනිසුරු මඩුල්ල විසින් නියම කරනවා. 41 වගේ කණ්ඩායමකින් 12 දෙනෙකුට මරණ දණ්ඩනයක් නියම වෙනවා. එම තීන්දුව දෙන විට අපිට ඇත්තට ම දුක හිතුණා එදා අමරකීර්ති ඝාතනය වුණා වගේම. ඔවුන් ගේ ඥාතින් දුක් වෙන විදිය දැක්කහම අපිටත් දරා ගන්න අමාරුයි. ජනාධිපති මන්දිරය විනාශ කරන විදිය ඔබ දැක්කා swmin poll එකේ නාපූ විදිය ඔබ දැක්කා. හැබැයි මේවා උනේ කාගේ මග පෙන්වීමකට ද? කවුරුන් ඔබව පෙළඹුවාට ද...? කුමාර වෙල්ගමලාට, අමරකීර්තිලට පහර දුන්නේ කාගේ පෙළඹවීමකට ද...?
ත්‍රිකුණාමලයේ සිද්ධියේ දී මේක බෞද්ධ රටක් කියලා සියලු දෙනා පිළිගන්නවා. මෙතන අසාධාරණයක් වුණා කියලා ඕනම කෙනෙක් දන්නවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ පිළිතුරු
දැන් ගෙවල් ගිනි තියපු අයටත් දඬුවම් ලැබෙයි ද...?
''අරගලය ඇතුළෙ මිනිස් ඝාතන දෙකක් වෙනුවෙන් දඬුවමක් දීල තියෙනවා. මගේ ගේ ගිනි තිබ්බා. පරම්පරාත් තුනක් ජීවත් වෙච්ච ගෙයක්. මට වන්දියකුත් ලැබුණා. තාත්තාගේ දේශපාලන අතීතය සියලු දේ පිච්චුනා. අපි සියලු අධ්‍යාපන සහතික අම්ම ගේ ඉතිහාසය සියලු දේ නැති වුණා. ඉතින් අපි විශ්වාස කරනවා එතුමා ගේ ඊළඟ පියවර වෙයි අපේ නිවාස ගිනි තියපු හෝ අයටත් දඩුවම් ලැබේවි කියල. ලංකාවේ අරගලය තුළ අසාධාරණයට ලක්වුණු සියලු දෙනාට ඉතා ඉක්මනින් නීතිපති හරහා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
පාස්කු සැමරීමක් එනවා අප්‍රේල් මාසයේ. ඒකටත් දැන් උත්තර හදාගන්න කියලා අපි කියන්න කැමතියි. නැත්තං එදාට උත්තර නැති වෙයි. තව මාස දෙකයි දවස් දහයක් තියෙනවා .දැම්ම තියා ක්‍රිස්තියානි ජනතාව පිළිගන්න උත්තරයක් හදන්න.''
සුරංජිත්

