තුර්කි පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්

තුර්කි පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්

තුර්කි ජනාධිපති රෙසිප් තෙයිප් එර්දොවාන් සිදුකළ හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයකින් පසුව, නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කළ අකීන් ගුර්ලෙක් (Akın Gürlek) දිවුරුම් දීමට සූදානම් වූ අවස්ථාවේදී තුර්කි පාර්ලිමේන්තුව තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සහ ගුටි බැට හුවමාරුවක් ඇති විය.

හිටපු ප්‍රධාන අභිචෝදකයෙකු වන අකීන් ගුර්ලෙක්, විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ චරිතයකි.

විශේෂයෙන්ම ඉස්තාන්බුල් නගරාධිපති සහ එර්දොවාන්ගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා වන එක්‍රෙම් ඉමාමොග්ලු (Ekrem İmamoğlu) අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම, විපක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත නඩු මෙහෙයවීම,අධිකරණ අමාත්‍ය ධුරයට පත්වීමට පෙර ඔහු සිය නිලතලවලින් නීත්‍යනුකූලව ඉල්ලා අස්වී නොමැති වීම ආදී බොහෝ කරුණුවලට විපක්ෂය චෝදනා කරයි.

අකීන් ගුර්ලෙක් දිවුරුම් දීම සඳහා පීඨිකාව වෙත පැමිණෙත්ම, ප්‍රධාන විපක්ෂය වන CHP (Republican People's Party) මන්ත්‍රීවරුන් එය වැළැක්වීමට උත්සාහ කළහ.

එහි දී පාලක AK Party මන්ත්‍රීවරුන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ බහින්බස් වීම ඉක්මනින්ම ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේය.

මෙම ගැටුමෙන් මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට සුළු තුවාල සිදු වූ අතර, CHP මන්ත්‍රී මහ්මුත් ටනාල් ගේ (Mahmut Tanal) නාසයට තුවාල සිදුවී රුධිරය වහනය වන අයුරු ද වාර්තා විය.

කෙසේ වෙතත්, පාලක පක්ෂ මන්ත්‍රීවරුන් විසින් නව අමාත්‍යවරයා ආරක්ෂා කර සිටිය දී, දැඩි ඝෝෂා මධ්‍යයේ අකීන් ගුර්ලෙක් සිය ධුරයේ දිවුරුම් දුන්නේ ය.

මෙම පත්වීම තුර්කියේ අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ද දැඩි කතාබහට ලක්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න