මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ මතුව ඇති බරපතළ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ 'සර්වජන බලය' නායක දිලිත් ජයවීර අතර විශේෂ නිල හමුවක් පවත්වා ඇත.
මෑතකාලීනව ආන්දෝලනයට තුඩු දුන් ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සහ රට තුළ පවතින ගෑස් හිඟය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගෙන ඇත.

