සිවුරු ගලවන්න පුළුවන් කාටද : අධිකරණ අමාත්‍යවරියට ප්‍රශ්නයක් !

සිවුරු ගලවන්න පුළුවන් කාටද : අධිකරණ අමාත්‍යවරියට ප්‍රශ්නයක් !

බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීමේ බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල සඳහන් කරයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇත්තේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සභාවේ අනුනායක මහාචාර්ය  පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන්  විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මියට යොමුකරන ලද ලිපියකට පිළිතුරු ලිපියක් යවමින් ය.

එසේම දැනට පවතින  නීතිය අනුව බෞද්ධ භික්ෂුවක් තත්ත්වයෙන් පහත්කොට චීවරය ඉවත් කිරීමේ බලය ඇත්තේ අදාළ භික්ෂුව  පැවිද්ද සහ උපසම්පදාව ලද  සංඝ සභාවට බවත් බෞද්ධ කටයුතු ජෙනරාල්වරයාට එබඳු බලක් නොමැති අතර අදාළ නිකායේ මහනායක මාහිමිපානන්ගේ නියෝගය මත පමණක් එසේ එසේ කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට හැකියාව තිබෙන බවද  පිළිතුරු ලිපියේ සඳහන් කර ඇත.

අමාත්‍යවරිය යොමුකළ  සම්පූර්ණ පිළිතුරු ලිපිය පහත දැක්වේ.

1 5998b73b34

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න