ඥානසාර හිමියන්ට පොදු සමාවක් !

 ඥානසාර හිමියන්ට පොදු සමාවක් !

මාස 06 ක සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න  පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද(20) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය. 

එසේම  මීට පෙර ඉතිහාසයේත් භික්ෂුන් වහන්සේලාට ඕනෑ තරම් නඩු පවරා දඬුවම් ලබා දී ඇති බවත් පැවසු අමාතවරයා නීතිය තුළින් ලබා දෙන තීන්දු පිළිබඳ කිසිවක් පැවසිය නොහැකි බවද සඳහන් කර ඇත.

තවද මේ වන විටත්  භික්ෂූන් 15 නමක් හා දෙමළ ජාතික පූජකවරුන් 3 දෙනෙක් ද බන්ධනාගාර ගතව සිටින බවත්  ඉතා බරපතළ වැරදි සඳහා චෝදනා ලබා දඬුවම් හිමි වු භික්ෂුන් වහන්සේලාද  ඒ අතර වන බවත් සඳහන් කර ඇත.

ඥානසාර හිමියන්ට ලබා දුන් නඩු තීන්දුව බොහෝ අය දේශපාලනීකරණය කිරීමට උත්සහ දරණ බවත් එසේම  හෙට දවසේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබා දීමෙන් සෙසු භික්ෂූන්ට ද ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ හැකි වාතාවරණයක් උදාවෙන බවද අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න