ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ හා නිලධාරිනියකගේ වෘත්තීය හැසිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එහි පාලක මණ්ඩලයට නියෝග කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට අදාළ නිලධාරියාට චෝදනා එල්ල වී ඇත්තේ ළමා අපයෝජන සිදුවීමක් සම්බන්ධයෙන් වන අතර නිලධාරිනියගේ පූර්ව වෘත්තීය ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති බවත් ඒ මත පදනම්ව මෙම නියෝගය නිකුත් කර ඇත.
එසේම ඔවුන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයට සම්බන්ධ වීමේදී අදාළ චෝදනා සම්බන්ධ කාරනා සඟවා ඇත්දැයි විමර්ශනය කරන ලෙසද එහිදී දන්වා ඇති බවද වාර්තා වෙයි.

