කර්මාන්තකරුවන්ට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙලක්

කර්මාන්තකරුවන්ට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙලක්

කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබා දීම සදහා නව වැඩපිලිවෙලක් සකස් කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර පවසයි.


ලේකම්වරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදාල අංශ පවා දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව ඉන්ධන ලීටර් 400ට අඩු ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන්ට සිය බලප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පිරවුම්හලකින් ඉන්ධන ලබාගත හැකි වේ.

එමෙන්ම ඉන්ධන ලීටර් 400ත් 6600 අතර ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබාගත හැක්කේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉන්ධන පිරවුම්හල්වලිනි.
ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිර්දේශය මත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර පැවසුවා ය.

ඉන්ධන ලීටර් 400ට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන් සිය ඉල්ලීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න