රාජ්‍ය සේවකයා රවටා බලය ගත් වත්මන් රජය අද වන විට රාජ්‍ය සේවකයා ඇතුළු සමස්ත රටම අන්ත අසරණ කර අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රාජ්‍ය සේවකයා රවටා බලය ගත් වත්මන් රජය අද වන විට රාජ්‍ය සේවකයා ඇතුළු සමස්ත රටම අන්ත අසරණ කර අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දේශපාලන පළිගැනීම්වලට ලක්වු සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් තුළ යුතුකම් ඉටු කරන බවත් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල ස්ථාපිත කර කම්කරු ජනතාව ⁣එම අධ්‍යක්ෂ මණ්ඩලවල නියෝජිතයන් ලෙස පත් කරන බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ප්‍රතිඥා දුන්නේය.

ආදර්ශමත් වෘත්තීය සමිතියක් ලෙස කම්කරුවන්ගේ දුක කඳුළ වේදනාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගය බවත් විකල්ප දේශපාලන ප්‍රවාහයන්හි වෘත්තීය සමිති නායකයන් වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයට බවත් එය ගෞරවනීය කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා කියා බලයට පැමිණි වත්මන් රජය ලාභ ලබන ආයතන කුණු කොල්ලයට විකුණන විට ඊට විරුද්ධ වූයේ සමගි ජන බලවේගය බවත් එයාර්ලංකා කේටරින්, ලිට්රෝ ගෑස්, ටෙලිකොම්,

රක්ෂණ සංස්ථාව ආදි ආයතනවල සේවකයන් පිහිට පතා ආවේ සමාජවාදී කම්කරු නායකයෝ ලගට නොව සමගි ජන බලවේගය හමුවට බවත් වැඩ කරන ජනතාවගේ අයිතිය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් පවා සුරක්ෂිත කරන්නේ සමගි ජන බලවේගය බවත් සෙසු පක්ෂ වැඩ කරන ජනතාව නියෝජනය කළේ බලය ලැබෙන තුරු පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි සේවක සංගමයේ හයවැනි සංවත්සරය නිමිති කර ගෙන සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවැති උත්සවය අමතමිනි.*

විදුලි බල මණ්ඩලයේ 23000ක් මහපාරට බස්සවා ජනාධිපතිකම් නගර සභා සභාපතිකම් ගෙන මේ 23000 සේවකයන් අතහැරිය බවත් දැන් සේවකයන් වෙනුවෙන් කතා කරන්නේ සමගි ජන බලවේගය බවත් රාජ්‍ය ආයතනවල පැවැත්ම උදෙසා සැමදාම පෙනී සිටියේ සේවක අයිතිය සුරක්ෂා කිරීමේ ස්ථාවරයේ එදත් අදත් හෙටත් ඉන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*එදා ධීවර සංස්ථාව රැක ගන්න සමගි ජන බලවේගය කටයුතු ක⁣ළා.* 

ධිවර සංස්ථාව ඈවර කරන්න යද්දි පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවලට ගොස් කතා කිරීම නිසා ධිවර සංස්ථාව ආරක්ෂා කළ බවත් වෙන කිසිම විපක්ෂ නායකවරයකු එසේ නොකරන බවත් රාජ්‍ය ආයතන සුරක්ෂා කරනවා කියා රැකගන්නවා කියා බලයට පැමිණි වත්මන් රජයේ පාලකයෝ අද බලය ලබා ගෙන වැඩ කරන ජනතාව නොසලකා හරින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*වත්මන් රජයට අද බලය දුන් රාජ්‍ය සේවකයා අමතකයි*

ලක්ෂ 14ක් වු රාජ්‍ය සේවකයන් අමතක කර කටයුතු කිරිමට රජය කටයුතු කරන බවත් මේ රාජ්‍ය ආයතන සුරක්ෂිත කර ගත යුතු බවත් ඒ වෙනුවෙන් කළ යුතු වැදගත් ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු වුවත් මෙහිදී සේවක අයිතිය සුරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

.*ඉරාන යුද්ධය ගැන විපක්ෂය අනතුර අගවන විට රජය මඩ ගැහුවා*

අද රජයේ මැති ඇමතිවරු මර නින්දෙන් නැගිට කටයුතු කරන බවත් ඉරානයට ඇමෙරිකාව හා ඊශ්‍රාලය ප්‍රහාර එල්ල කළේ 2025 ජුනි මාසයේ සිට බවත් වැඩක් කරන සැබැ රජයක් නම් ⁣ඒ කාලයේ සිටම මේ ගැන අවධානයෙන් සිට සූදානම් විය යුතු බවත් මේ දේවල් ගැන විපක්ෂය පුරෝකථනය කළ බවත් සුදුසු ආකාරයට රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවීමට කටයුතු කළ යුතු වුවත් මේ රජය කලේ් වහල්ලුන් උපයෝගී කර ගෙන විපක්යට මඩ ගැසීම හා විපක්ෂයේ වැදගත් යෝජනා විහිලුවට ලක් කිරී බවත් රජයට මේ බලශක්ති අනාරක්ෂිතභාවයට සූදානම් විය යුතු වුවත් රජය ඒවා කිසිවක් කළේ නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

*රජයට ආචාර්ය මහාචාර්වරු හිටියට රජයට ජාත්‍යන්තර දේශපාලනය ගැන කිසිම අවබෝධයක් නැ*

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට හා රජයේ ආචාර්ය මහාචාර්වරුන්ට මේවා ගැන අවබෝධයක් ඇති නොවීම පුදුමයක් බවත් මේ ගැටලුව ඇති වූ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂය කළ යෝජනා ජනාධිපතිවරයා නොදැන සිටි බවත් රුසියානු තෙල්වලට ලබා දුන් සම්බාධක විරාමය පවා මේ රජය නොදැන සිටි අවස්ථාවේ ඒ ගැන පෙන්වා දුන් පසු විකාර කතා කියමින් සිටි බවත් කළ යුතු වුයේ මේ තෙල් ලබා ගැනීම වුවත් රජය එය කිරීම ප්‍රමාද කර පසුව රුසියානු තානාපතිවරයා හමුවුවත් තෙල් ගිවිසුම්වලට ගියේ නැති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

*මේ රජයේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් පළිගැනීමයි*

දේශපාලන පළිගැනීම්වලින් දූෂණයෙන් වංචාවෙන් රැවටීමෙන් බොරුවෙන් රාජ්‍ය පාලනය කළ හැකි බවට රජය සිතනවා විය හැකි බවත් මේ වන විට ලෝකයේ වැඩිපුරම තෙල් මිල වැඩි රටක් බවට අප රට පත්ව සෑම ක්ෂේත්‍රයක්ම දැඩි අසරණ වී කඩා වැටී ඇති බවත් මේ නිසා අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර පවා කඩා වැටී ඇති බවත් එයට හේතුව රජයේ පෙර සූදානමක් නොමැති වීම බවත් මේ රජය අසීමිත ලෙස තෙල් මිල ඉහළ යවා ආර්ථිකය සංකෝචනය කර ආදායම් මාර්ග විනාශ කර දුප්පත්කම වැඩි කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

*දුප්පත්කම ගැනවත් මේ රජයට හරිහමන් දත්ත නැ*

රටෙන් 1/3ක් දුප්පත් නිසා මේ ගැන ප්‍රශ්න කරන විට උත්තර දෙන්න කල් ඉල්ලා සිටින බවත් අදක්ෂ කයිවරුකාර මේ රජය නිසා ජනතාව අසරණ වී ඇති බවත් මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්වුයේ වරායෙන් ගොඩබාන ගානට තෙල් දෙනවා කියා වුවත් දැන් බදු වර්ග හතරක් තෙල්වලට ගහන බවත් දැන්වත් මේ තෙල්මත ඇති බදු අඩු කළ යුතු බවත් මේ ඉන්දන බදු සෘජුවම සැම අංශයකටම බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*ආණ්ඩුවට දුරදක්නා නුවණ නැ*

මැදපෙරදිග යුද්ධයට ආණ්ඩුව වගකිව යුතු නොවුවත් දුර දක්නා නුවණින් කටයුතු නොකිරීමට ආණ්ඩුව වැරදි බවත් විකල්ප ක්‍රියාමාර්ග නොගෙන දේශපාලන පළිගැනීම් කළ නිසා රට අමාරුවේ වැටුණු බවත් පළමුවත් දෙවනුවත් තෙවනුවත් මේ රජය කළේ පළිගැනීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*ගල් අගුරු වංචාව මැදපෙරදිග යුද්ධයෙන් වහන්න මේ රජය කටයුතු කරනවා*

මේ රජයේ නායකත්වයෙන් ක්‍රියාත්මක ගල් අගුරු වංචාව මැදපෙරදිග යුද්ධය මුල් කර ගෙන සගවන බවත් මේ වන විට නොරොච්චෝල බලාගාරය නියමිත විදුලිය නිෂ්පාදනය කරන්න ⁣අපොහොසත් වී උත්පාදනය කළ නොහැකි විදුලිය ඉන්ධන බලාගාරවලින් නිෂ්පාදනය කිරීම නිසා විදුලි බිල වැඩි කිරීම සිදුවන බවත් මේ නිසා පාරිභෝගිකයන්ට ලබා දිය යුතු ඉන්ධන පවා බලාගාරවලට ලබා දීමට සිදුව ඇති බවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට බාල ගල් අගුරු භාවිතය නිසා යන්ත්‍ර විනාශ වීම සෞඛ්‍ය හා පාරිසරික හානි සිදුවීම විදුලි කප්පාදු කිරීම පවා සිදුවන බවත් මේ නිසාද ජනතාවට අගතියක් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*ජනතාව මීට වඩා රජයේ ක්‍රියාකාරකම් ගැන දැනුවත් විය යුතුයි*

මේ කරුණු ගැන පුරවැසියන් අවබෝධයෙන් සිටිය යුතු බවත් හොඳ සාක්ෂරතාවක් තිබිය යුතු බවත් ජාත්‍යන්තර නීති ගැනවත් ජනාධිපතිවරයා නොදැන සිටි බවත් මේ කරුණු ගැන ජනතාව නොදැන සිටියහොත් සිදුවන්නේ ජනතාව තවතවත් රැව⁣ටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*අපි අනුගමනය කරන්නේ මැද මාවතයි*  

සමගි ජන බලවේගය මානුෂීය ධනවාදය අනුගමනය කරන බවත් යුක්තිය සාධාරණත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඉටු කරන මැද මාවත තුන්වැනි මාවත සමගි ජන බලවේගය අනුගමනය කරන බවත් දක්ෂිණාංශික හෝ වාමවාදී කදවුරවල නොව මැද මාවතේ කටයුතු කරන බවත් සමගි ජන බලවේගය සුන්දර කතා කියා ජනතාව නොරවටන බවත් ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළක සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න