උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර 66%කට සරසවි වරම්

උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර 66%කට සරසවි වරම්

2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර 66%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි.


ඊයේ (31) රාත්‍රියේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ බව අද දින විභාග කොමසාරිස් ජනරාල්වරිය විසින් නිල වශයෙන් දැනුම් දුන්නේය.

මෙවර උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ.

මේ අතර අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සිසුන් 7,477 කට 'A' සමාර්ථ 3ක්

* මෙවර උසස් පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ගත් සිසුන් පාසල් සිසුන් ගණන 7,477ක් වන අතර, එය 3.38%ක ප්‍රතිශතයකි.

* පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු ද සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගෙන ඇත.

විෂය ධාරා අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුණු ප්‍රමාණයන්

* ජීව විද්‍යාව - පාසල් 59.56% - පෞද්ගලික 58.43%ක්

* භෞතික විද්‍යාව -  63.96% - පෞද්ගලික 61.59%

* වාණිජ - 72.02% - පෞද්ගලික 66.29%

* කලා - 67.57% - පෞද්ගලික 63.57%

* ඉංජිනේරු තාක්ෂණවේදය - 64.85% - පෞද්ගලික 62.65%

* ජෛව පද්ධති තාක්ෂණවේදය - 71.76% සමස්ත 70.24%

* වෙනත් විෂය - 55.39% සමස්ත 51.45%

මෙවර විශ්වවිද්‍යාල ලැබූ ප්‍රතිශතය පළාත් අනුව,

* බස්නාහිර - 69.42%ක්
* වයඹ - 68.48%ක්
* උතුරු - 66.91%ක්
* නැගෙනහිර - 66.32%ක්
* දකුණ - 65.69%ක්
* සබරගමුව - 64.97%ක්
* ඌව - 63.53%ක්
* මධ්‍යම - 63.04%ක්
* උතුරු මැද - 60.91%ක්

ඒ අනුව මෙවර දිවයිනේ ප්‍රථම ස්ථානය දිනගත් සිසුන් පහතින් දැක්වේ.

ජීව විද්‍යා විෂය ධාරාව

* පළමු ස්ථානය - ඩිලාන් සංජන (කොළඹ රාජකීය විද්‍යාලය)

* දෙවන ස්ථානය - ක්‍රිෂාන් සසිදු නම්තර (හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය)

* තෙවන ස්ථානය - දර්ශනා කෝනේෂ් (ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාල‍ය, ත්‍රිකුණාමලය)

උසස් පෙළ සිසුන් 30,898ක් සියලු විෂයයන් අසමත්

2025 වසරේ පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව අපේක්ෂකයින් 30,898 දෙනෙකු සියලුම විෂයන් අසමත්ව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි.

ඒ අනුව, එම පිරිස අතරට පාසල් අයදුම්කරුවන් 19,301ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 11,597ක් ඇතුළත්වේ.




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න