හදිසි මෙහෙයුම් සඳහා පොලීසියට  අවි ආයුධ සැපයීමට රජය අසමත් !

හදිසි මෙහෙයුම් සඳහා පොලීසියට  අවි ආයුධ සැපයීමට රජය අසමත් !

හදිසි මෙහෙයුම් සඳහා පොලීසියට අවශ්‍ය අවි ආයුධ ලබාදීමට රජය අසමත් බවත් ඒ හේතුවෙන් “උෂී“ වර්ගයේ අවි සමඟ සටන් කිරීමට පොලිසියට සිදුව ඇත්තේ නිරායුධව බව ශ්‍රී ලංකා මානව  හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. 

එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්   රාජගිරියේ අද (25) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

පසුගියදා මාතරදී සිදුවූ සිදුවීමේ  “උෂි “ නැමති ආයුධ රැගත් පාතාල කල්ලි සමඟ සටන් කිරීමට පොලිසියට අවශ්‍ය අවි ආයුධ නොමැති වූ බවත් ඒ හේතුවෙන්  පොලිස් නිලධාරියෙකුට ඛේදජනක ඉරණමක් අත්වූ බවත් ඔහු  මෙහිදී අවධාරණය කළේය. 

එම හේතුව නිසා මියගිය වීර පොලිස් නිලධාරියාට  නිගරු වන ආකාරයට මාංචු ලත් පුද්ගලයින් නිකරුණේ වෙඩිතබා මරාදැමීම දක්වා ප්‍රජාතන්ත්‍ර විරෝධි තත්වයක් උද්ගතව ඇති බව ද ඔහු  මෙහිදී සඳහන් කළේය.

මාතරදී සිදුවූ සිදුවීම පිළිබද පොලිසිය ක්‍රියාත්මක වනවිට එම සිදුවීම සහ මාතර ආශ්‍රිතව ක්‍රියාත්මක වන පාතලයේ තරම පොලිසිය දැන සිටින නමුත් ඔවුන් පාලනය කිරීමට  නිරායුධ පොලිස් නිලධාරින් යෙදවීම නිසා ඛේදජනක ඉරණමක් අත්වූයේ පොලිසියට ඒ සඳහා අවශ්‍ය අවි ආයුධ ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙස බවද ඔහු  වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා නීතිඥ උදුල් ප්‍රේමරත්න, නිතිඥ තුෂාර එන් දස්කොන් සහ රංගන ශිල්පි ජගත් මනුවර්ණ  ද අදහස් දැක්වූහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න