ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය වැටප් පරිත්‍යාග කර නොමිලේ කන විදිය පැවසුවහොත් තමන් එම ක්‍රමය අනුගමනය කිරීමට සූදානම් බවත් පවුලේ වියදම් දැරීමට තිබෙන බැවින් තමාට මන්ත්‍රී වැටුප පරිත්‍යාග කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන සඳහන් කර ඇත.
අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසන ආකාරයට නොමිලේ කන ආකාරය තමන්ට සිතාගත නොහැකි බවද සඳහන් කර ඇත.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පසුගිය රජය විසින් විශාල අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන ගිය බැවින් 2015දී ජනතාව ඊට ප්‍රතිචාර දැක්වූ බවත් ඇමතිවරුන්ගේ 30 දෙනෙකුගේ අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන යන බව පවසමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියද මේ වනවිට කැබිනට් ඇමතිවරුන් 41ක්, රාජ්‍ය ඇමතිවරුන් 22ක්, නියෝජ්‍ය ඇමතිවරුන් 23ක් වශයෙන් ඇමතිවරුන් 86 දෙනෙකු සිටින බවය.
රෝහිත මන්ත්‍රී කාපු කෑම : ජවිපෙ හිතන්නෙත් නෑ
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ජවිපෙ ක්‍රියාකාරිකයකු සඳහන් කර සිටියේ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන සමයට අදාළව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ගැන දන්නා ඕනෑම අයෙකුට ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ සහ රෝහිත මන්ත්‍රීගේ කෑමේ වෙනස හඳුනා ගන්නට අපහසු නොවන බවය.
ඒ වෙනස ඉගෙන ගන්නට තිබූ පළමු අවස්ථාවේ මන්ත්‍රීවරයාව සර්පයකු දෂ්ඨ කල බවත් නමුත් මේ වන විට 2004 වසරේ සිට 2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූලආදායම ඉක්මවා රුපියල් ලක්ෂ 412 වත්කම් සහ මුදල් නීති විරෝධී ආකාරයට උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධනට එරෙහිව පවරා ඇති නඩුව අවසානයේ කෑමේ වෙනස පැහැදිළි වනු ඇති බවද ඔහු පැවසීය.

