විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරිමට මහ බැංකුවේ බැඳුම්කර සඳහා යොමු කළේ තම පාලනය යටතේ නොවන බව මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පසුගිය දා අමාත්‍යවරයාට චොදනා එල්ල වු අතර අද(25) කෑගල්ල කමිටු රැස්වීම අවසන් වු පසු මාධ්‍යවේදින් අමාත්‍යවරයාගෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.
වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙල යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කලද තම ධුර කාලයෙන් පසු සරත් අමුණුගම මහතාට එම අමාත්‍ය ධුරය ලැබු අතර ඔහු යටතේ එම ක්‍රියාවලිය සිදු වු බව කබිර් ශෂීම් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම අරමුදලේ මුදල් ආයෝජනය කිරිම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මඩුල්ලේ තීරණයක් බවත් එය සිදු කිරිම සඳහා මුලික පියවර ආරම්භ කළේ පසු ගිය රජය සමයේ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම මෙම මුදල් ආයෝජනය සඳහා 2015 වසරේදි නිතීපතිවරයාගේ අවසරයද ලැබි ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියාසිටියේය.
කෙසේ වෙතත් මාධ්‍ය තුළින් නිසිලෙස කරුණු දැක්වීමකින් තොරව තමාට චෝදනා කරන බවත් නිවැරදිව සිදුව ඇති දේ පිළිබඳ කරුණු දැක්වීමට නොහැකි වු බව ද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

