උදයාංග එන්න ඔන්න මෙන්න - මහින්ද  

උදයාංග එන්න ඔන්න මෙන්න - මහින්ද  

මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් ජාත්‍යන්තර පොලිසියේද සහය ඇතිව අත්අඩංගුවට ගැනීමට සිටින රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග තව දින කිහිපයකින් ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත මේ බව සඳහන් කර ඇති අතර උදයාංග ඊයේ (25) ඩුබායි අධිකරණය වෙත  මෝසමක් මඟින් සිය කැමැත්තෙන් ලංකාවට යන බව දැනුම්දීමට  කටයුතු කරන බව තමන්ට දන්වා ඇතැයිද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

එසේම  උදයාංග ලංකාවට එන බව  අද (26) ජනාධිපති නීතිඥ  අනිල් ද සිල්වා හරහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බවද දන්වා ඇති බවද හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

තමන්ද අවස්ථා කිහිපයකදී එල්ලවී ඇති සම්බන්ධව මෙරටට පැමිණ පිළිතුරු දෙන ලෙස  උදයාංග  දැනුවත් කළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර උදයාංග මෙරටට එන ආකාරයට හැකිනම් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට කැඳවන ලෙසද තමන් අභියෝග කරන බව සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න