Image

අහිමි වූ ඩොලර් මිලියන 2.5 පාඩුව පියවගන්න වෙන්නෙ බදු බර වැඩි කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අහිමි වූ ඩොලර් මිලියන 2.5 පාඩුව පියවගන්න වෙන්නෙ බදු බර වැඩි කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආංශික අධීක්ෂණ කාරක සභා අඩු කර තරුණයන් ඉවත් කිරීමත්, පාර්ලිමේන්තුවේ ශක්තිය අඩු කිරීම පසුගිය දින රටට අහිමි වූ ඩොලර් මිලියන 2.5ට ගැළපිය යුතු බවත්, මෙය බරපතළ පාඩුවක් වන අතර අගමැති ප්‍රමුඛ රජයට මෙය ලොකු ගැටලුවක් නොවුන ද මේ පාඩුව විසඳා ගැනීමට සිදු වෙන්නේ බදු බර වැඩි කර යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී තරුණ වෘත්තිකයින්ගේ කණ්ඩායම සමග පැවැති සාකච්ඡාවක දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ආංශික අධීක්ෂණ කාරක සභා අඩු කර තරුණ නියෝජනය ඉවත් කරලා

2022 අප රටේ සිදුව අරගලයට දශලක්ෂ සංඛ්‍යාත තරුණයන් සහයෝගය දුන්නා. එයට හේතුව තමන් තෝරාගත් දේශපාලන නායකයන් තමන්ගේ සහ රටේ බලාපොරොත්තු ඉටු නොකිරීම යි. මේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු ක්‍රියාවලියේ දී තරුණයන් ගේ සහභාගිත්වය වර්ධනය කිරීමේ අරමුණින් ආංශික අධීක්ෂණ කාරක සභා වෙත නිශ්චිතව 500-600ක් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා බඳවා ගත්තා. එය වැදගත් ක්‍රියාවලියක් වන අතර ඒ හරහා දේශපාලන වපසරිය පුළුල් වීම සිදු වුවත් අද වන විට ආංශික අධීක්ෂණ කාරක සභා අඩු කර තරුණ නියෝජනය පවා ඉවත් කර තිබෙනවා. මෙසේ ආංශික අධීක්ෂණ කාරක සභා අඩු කර තරුණයන් ඉවත් කිරීමත් පාර්ලිමේන්තුවේ ශක්තිය අඩු කිරීම පසුගිය දින රටට අහිමි වූ ඩොලර් මිලියන 2.5ට ගැළපිය යුතු යි. මෙය බරපතළ පාඩුවක්. අගමැති ප්‍රමුඛ රජයට මෙය ලොකු ගැටලුවක් නොවුනත් මේ පාඩුව විසඳා ගන්න වෙන්නේ බදු බර වැඩි කරලා.

රජයට නොහැකි නම් ජනතාව මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි

දිනපතා රටක් ලෙස ණය ගෙවිය යුතු අප රටේ මේවා අඩුපාඩුවෙන් තොරව සිදුවිය යුතු යි. භාණ්ඩාගාරය ණය ගෙවන පියවර ගණනාවක් තිබෙනවා. ජනතාව මේවා ගැන සෙවිය යුතු යි. මේවා පුරෝකථනය කර වළක්වා ගත හැකිවුවත් අකාර්යක්ෂමතාව හා නොසැලකිල්ල නිසා මෙය සිදුව තිබෙනවා. මෙහි වංචනික ක්‍රියාවලියක් සිදුව ඇති බවට අනුමාන කරනවා. මෙවැනි දෙයක් වු පසු භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස්වි විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් අවශ්‍ය යි. මීට අමතරව මුදල් කාරක සභාවට භාණ්ඩාගාර ලේකම් මහබැංකු අධිපති ගෙන්වා සොයා බැලිය යුතු යි. මෙහි දී ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළා ද කියා සෙවිය යුතු යි.

දැන්වත් නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතුයි

ණය වාරිකයක් ගෙවා නැති නිසා ණය පැහැර හැරීමක් සිදුව තිබෙනවා. මේ ගැනත් රජය පැහැදිලි කළ යුතු යි. මුදල් ඇමති සහ ලේකම් මේවා රටට පැහැදිලි කළ යුතු යි. ඉදිරියටවත් මෙවැනි දේවල් සිදු නොවෙන්න ආරක්ෂිත ක්‍රමවේද දැන්වත් අනුගමනය කළ යුතු යි. මේවා ගැන රජයට අවබෝධ නොමැති වුවත් ජනතාව මේවා ගැන සොයා බැලිය යුතු යි. ජනාධිපතිවරයා පසුගියාදා සයිබර් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළත් අවසානයේ අපේ මුදල් සොරා ගත්තා. මේ රජය ආංශික අධීක්ෂණ කාරක සභා අඩු කර තරුණ සහභාගිත්වය එක පෑන් පාරින් පවා නැති කරලා. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි වංචා සිදුවීම පුදුමයක් නොවෙයි. මොවුන් පාර්ලිමේන්තුවේ බලය දිනෙන් දින අඩු කරනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න