රොහාන් වැලිවිටට සිංගප්පූරුවේදී : මුදල් විශුද්ධිකරණය ගැන ප්‍රශ්නයක් !

රොහාන් වැලිවිටට සිංගප්පූරුවේදී : මුදල් විශුද්ධිකරණය ගැන ප්‍රශ්නයක් !

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන  රොහාන් වැලිවිටව ඊයේ (25)   සිංගප්පූරු ගුවන්තොටුපළේදී රඳවාගෙන ප්‍රශ්න කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ගිය අවස්ථාවේ ගුවන් තොටුපල නිලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදුකර ඇති අතර ඒ මුදල්

විශුද්ධිකරණය හා විදේශ ගමන් බලපත‍්‍රය සම්බන්ධවය.

පැය තුනක පමණ කාලයක් මෙසේ ඔහුගෙන් ප්‍රශ්න කර පසුව නිදහස් කර ඇති බවද දැනගන්නට ඇත.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින්  සිදුකරන විමර්ශනයකට අදාළව රොහාන් වැලිවිට මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර පසුව අධිකරණය මඟින් මුදාහැර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න