Image

ජනාධිපතිවරයා දැන් නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ ඉදන් - නාමල් රාජපක්ෂ

ජනාධිපතිවරයා දැන් නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ ඉදන් - නාමල් රාජපක්ෂ

ජවිපෙ වේදිකාවේ සිට නඩු තීන්දු දී, ජනතාව ගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් යැයි ජනාධිපතිවරයා සිතා සිටින්නේ නම් එය අපි බලාගමු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) කළුතර දී මාධ්‍යවේදීන් ඉදිරියේ තම අදහස් ඉදිරිපත් කරමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...

ජනාධිපතිවරයා ගේ තනතුර වැටුණු තැන

"දැන් ඔය ජේවීපී එක ම සීයට තුන තියෙන කාලෙත් ගෝල්ෆේස් එක පුරවලා රැස්වීම් කෙරුවා. හැබැයි දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔවුන් මැතිවරණ කාලයේ දීපු පොරොන්දු ඉෂ්ට කරනවද නැද්ද කියලා. ඉතින් තමන් පොරොන්දු වෙච්ච දේවල් ඉටු කරගන්න බැරි උනාම මැයි රැලි තියලා අපිට බැන්නට හරියන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට අපි මැයි රැලි කරේ නැහැ පෝය දවසේ හින්දා. අපි පන්සල්වල ආගමික වතාවත් කළේ. හැබැයි ඉතින් ජේවිපි මැයි රැළියේ අමතක කරන්නම බැරි වෙච්ච වචන සෙට් එකෙන් එකක් තමයි රාජපක්ෂලා සහ පොහොට්ටුව. ඉතිං ඒකෙන්ම තේරෙනවා ඔවුන්ගේ මානසිකත්වය කොහොමද කියලා. ඉතින් ඒකෙත්: කම්කරුවන්ගේ අයිතිය, කම්කරුවන්ට වෙන සේවාවන්,  රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කරන්නේ කොහොමද, කම්කරුවෝ දිරිගන්වන්නෙ කොහොමද, මේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා නෙවෙයි ජනාධිපතිවරයා කතා කළේ. ජනාධිපතිවරයා මැයි දිනයට නැගලා අපිව හිරේ දාන්නේ කොහොමද කියලා කතා කරනවා. ලැජ්ජාවේ බෑ! ඉතින් මේක තමයි මේ රටේ විධායක ජනාධිපතිවරයා ගේ තනතුර වැටිච්ච තැන. ඉතින් ඔය ටික අහන මිනිස්සු මැයි දිනයකට එන්න ඕනද. ඔය කතා ටික ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන් කරපු කාරණා ටික තමයි තවම කියන්නේ. හැබැයි ඉතින් අපි එදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා. ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දීලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් ඒක අපි බලාගමු.

මග එන ලියුම ගැන සමාජ මාධ්‍ය ප්‍රචාරය

මහින්ද මහත්තයට අල්ලස් එකෙන් කැඳවීමක් තියෙනවා කියලා සමාජ මාධ්‍යයේ ගිහින් තියෙනවා. තාම ලිඛිතව ලියුම ඇවිල්ල නෑ. සාමාන්‍යයෙන් ඉතින් ඔවුන්ට සම්බන්ධ සමාජ මාධ්‍යවලට ඕක දෙනවා කියන්නේ ලියුම එනවා ඇති මග. ඉතින් සමාජ මාධ්‍යයේ තියෙන විදියටත් දැනගන්න තියෙන විදිහට අර බලහත්කාරයෙන් බලෙන් ලියා ගත්ත කට උත්තරය සම්බන්ධයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් අහනවා කියලා කියන්නේ. ඉතින් ලියා ගත්තු කෙනත් දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා බලහත්කාරයෙන් තමයි ලියා ගත්තේ කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගෙන් කටඋත්තරයක් ගන්න කෙනෙක්ව බලහත්කාරයෙන් බය කරලා කටඋත්තරයක් ලියාගෙන තියෙනවා. මහින්ද මහත්තයා ඉතින් ඔයිට වඩා දේවල්වලට උත්තර දීලා තියෙනවානේ. පෙරේදා කිව්වනේ වැඩි කරන්නේ නැහැ කියලා මැයි දිනයේ ඉවර වෙලා ගෙදර යනකොට වැඩි කරලා. ඉතින් ආණ්ඩුව බොරු කියනව කියල දැනගන්න්න එපැයි වැඩි කරන්නේ නැහැ කිව්වොත් වැඩි කරනවාම තමයි.

අහන්නත් කලින් උත්තර දෙන පොලිසිය

අපි තවමත් මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා මැයි දිනයේ දී ජෙවිපෙ වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දුන්නත් ගරු විනිශ්චකාරවරුව ඒ පිළිබඳව සැලකිලිමත් වෙයි. තව පැත්තකින් පොලිසියත් සම්පූර්ණයෙන් ජේවිපිකරණය වෙලා තියෙන්නේ. දැන් අපි දැක්කා පහුගිය දවසක සිද්ධ වෙච්ච  සිදුවීමක් සම්බන්ධයෙන් කවුරුත් අහන්නත් කලින් කවුරුත් කියන්නත් කලින් මරණ වාර්තාව එන්නත් කලින් පොලිසිය කියනවා සියදිවි හානි කරගෙනලු. ඉතින් පොලිසියට තියෙන හදිස්සිය මොකක්ද දන්නේ නැහැ අහන්නත් කලින් කියන්න. ඉතින් මේවා පිළිබඳවත් අපි හොයනවා මේවා පිළිබඳව සැකයක් තියෙනවා. අපි පක්ෂයක් විදියට ශක්තිමත්ව මේ ඕනෑම අභියෝගයකට මුහුණ දීලා අපි ජනතාව එක්ක දේශපාලනය කරනවා. මොකද අපේ දේශපාලනයේ තියෙන්නේ රටේ ජනතාව එක්ක. අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක්. ජනතාවාදී දේශපාලන පක්ෂයක්. ඉදිරි කාලසීමාවෙදිත් අපි රටේ ජනතාව එක්ක ශක්තිමත්ව ගොඩනැගෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගම්මට්ටමින් අද තියෙන ශක්තිමත්ම දේශපාලන පක්ෂය බවට පත්වෙලා තියෙනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න