යෝජිත මෙම 185අ වගන්තිය මගින්, බදු වාර්තා ගොනු කිරීම ප්‍රමාද වීම හෝ ලියාපදිංචි වීමේ ප්‍රමාදයන් වැනි පරිපාලනමය වැරදි පවා අපරාධ වරදවල් බවට පත් කරන් නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මේපිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
''එහි අර්ථය නම්, ජීවත් වීමට වෙහෙසෙන සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුට ද, හිතාමතා රුපියල් මිලියන ගණනින් බදු ගෙවීම් පැහැර හරින අයෙකුට හා සමානව සැලකිය හැකිය යන්නයි. බදු ක්‍රමය නිවැරදි කිරීම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නවීකරණය කිරීම සහ බදු අනුකූලතාවය පහසු කිරීම වෙනුවට, රජය කරන්නේ සාමාන්‍ය ජනතාව අපරාධකරුවන් කිරීම නමැති කෙටි මාවතට පිවිසීමයි. මෙතරම් වේගයෙන් නීති සම්මත කිරීමට ඔවුන්ට ශක්තියක් තිබේ නම්, සැබෑ දූෂණ විරෝධී පනත්වලට සිදුවූයේ කුමක්ද? මූල්‍ය වංචා, මුදල් විශුද්ධිකරණය සහ මහජන දේපළ සොරකම් කළ අයට එරෙහිව ගනු ලබන පියවරයනට සිදුවූයේ කුමක්ද? දූෂිතයන් හඹා යන්න. සැබෑ වංචාකාරයන්ට දැඩි ලෙස දඬුවම් කරන්න. එනමුත් සාමාන්‍ය ජනතාවට එරෙහිව අවියක් ලෙස නීතිය භාවිතා නොකරන්නැයි ඉල්ලා සිටිනවා. නීති මඟින් සාධාරණත්වය, සමානුපාතිකත්වය සහ ජනතාවගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවන්හි අපි කිසිසේත්ම නිහඬව සිටින්නේ නැහැ".
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
