රුපියල් මිලියන 99ක් වැය කර සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කරන ලද "ස්නායු රෝග විද්‍යා ආයතනය" (Institute of Neurology) ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) දී ජුනි 01 සඳුදා ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ගේ සහභාගිත්වයෙන් මෙම සමාරම්භක උත්සවය එදින පෙරවරු 10.00 ට එම පරිශ්‍රයේ දී පැවැත්වේ.
ස්නායු රෝගී ප්‍රතිකාර සේවා (Neurology Services) මගින් මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්ව හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබන අතර, මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම වනු ඇත.
මෙම විවෘත කිරීමට සමගාමීව ස්නායු රෝග විද්‍යා ආයතනය නිර්මාතෘ, දේශමාන්‍ය විද්‍යා ජෝති වෛද්‍ය ඡේ.බී පීරිස් ගේ ඡායාරූපය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් නිරාවරණය කිරීමට ද නියමිත අතර, ස්නායු රෝග විද්‍යා ආයතනයේ අංක 62/63 වාට්ටු සංකීර්ණය ද (Neurology unit ward 62/63) නිල වශයෙන් විවෘත කිරීමට ද නියමිත ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන් කළ මුදල රුපියල් මිලියන පනස් දෙකක්
මෙම ඒකකය එක් වාට්ටුවකට රෝගී ඇඳන් 22 බැගින් වන කාන්තා හා පිරිමි වාට්ටු 2කින් ද සමන්විත වේ. මෙම වාට්ටු සංකීර්ණය නවීකරණය කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් වෙන් කරන ලද මුදල රුපියල් මිලියන පනස් දෙකකි. එමෙන් ම බිම් මහලෙහි භෞත චිකිත්සකත ඒකකය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 22ක මුදලක් ලබා දී ඇත. මීට අමතරව තෙවෙනි මහලෙහි භාෂා, වෘත්තීය චිකිත්සක ඒකක සහ ශ්‍රවණාගාරය නවීකරණ කටයුතු සඳහා ලබා දී ඇති මුදල රුපියල් මිලියන 25කි.
මෙම වාට්ටුව විවෘත කිරීමෙන් පසුව දැනට 16 වාට්ටුවේ වසර සියයකට වඩා පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙනු යනු ලබන ස්නායු ඒකක 3 සහ 4 වඩාත් පහසුකම් සහිතව තදබදයකින් තොරව රෝගීන්ට සහ කාර්ය මණ්ඩලට අවශ්‍ය සැප පහසුකම් සහිතව පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙනු ඇත.
මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ අතිරේක ලේකම් වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ යන අය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්භාවනීය අමුත්තන් රැසක් එක්වීමට ද නියමිත ය.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
