Image

වයස අවුරුදු 16ට අඩු දරුවන් ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ෆයිසර් මුස්තාෆා (පා.ම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

වයස අවුරුදු 16ට අඩු දරුවන් ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ෆයිසර් මුස්තාෆා (පා.ම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා (පා.ම) විසින් "සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත" (Social Media Minimum Age Bill) අද දින පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දෙන ලදී. දරුවන් සමාජ මාධ්‍ය වේදිකා වෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතවලින් ඔවුන්ව ආරක්ෂා කිරීම මෙම පනතේ මූලික පරමාර්ථය යි.

මෙම නව පනත මගින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකා වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට අදාළ විෂය භාර අමාත්‍යවරයාට (ළමා කටයුතු අමාත්‍යවරයා) නියෝග පැනවීමට බලය ලැබේ. එමෙන්ම, දරුවකුට දිනකට සමාජ මාධ්‍ය භාවිත කළ හැකි කාලය සීමා කිරීමට හෝ භාවිත කළ හැකි නිශ්චිත වේලාව නියම කිරීමට ද මෙහි විධිවිධාන ඇතුළත් වේ.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයකු පත් කිරීමට යෝජිතය. පනතේ සිංහල සහ දෙමළ පිටපත් අතර යම් පරස්පරතාවක් ඇති වුවහොත් සිංහල පිටපතේ අන්තර්ගතය බලපැවැත්වෙන බව ද එහි සඳහන් වේ.

අදාළ පිටපත මෙතනින්>>

Social_media_minimum_age_Bill.pdf

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න