“ඉන්දියන් සාගර සියවස” (Indian Ocean Century) ලෙස තමන් හඳුන්වන නව යුගයකට ලෝකය අවතීර්ණ වෙමින් පවතින බැවින්, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන ප්‍රධාන ආර්ථික මෙන්ම උපායමාර්ගික සම්බන්ධක පුරුකක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සිංගප්පූරුවේ පැවැති ගෝලීය පෙරදිග ආර්ථික සහයෝගිතා (GEC) සමුළුව අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ: ඉන්දියන් සාගර කලාපය වඩාත් වැදගත් වන දශකයකට පමණක් නොව, කලාපයේ වර්ධනය වන ආර්ථික හා උපායමාර්ගික බලපෑම මගින් හැඩගැසෙන සුවිශේෂී සියවසකට මේ වන විට ගමන් කරමින් සිටින බවයි.
මිල්කන් ආයතනයේ (Milken Institute) ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ගේ සභාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු ඇමරිකානු නියෝජිත කර්ටිස් එස්. චින් සමඟ පැවැති සංවාද මණ්ඩපයකට එක්වෙමින් නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ: ශක්තිමත් සම්බන්ධතාවක් සහ ආර්ථික සහයෝගිතාවක් තුළින් ලොව ප්‍රධාන කලාපයන් අතර විශ්වාසනීය පාලමක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තමන් ගේ දැක්ම බවයි.
එමෙන්ම, ගෝලීය ආර්ථිකය තුළ ප්‍රමුඛ පෙළේ භූමිකාවක් ඉටුකිරීම සඳහා මීළඟ පරම්පරාව සූදානම් කරන අතරතුර, නවෝත්පාදනය, සහයෝගීතාව සහ ව්‍යවසායකත්වය මගින් තරුණ පරපුරට වැඩි අවස්ථා නිර්මාණය කර දීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේ ය.
“ඉන්දියන් සාගරය සියවස් ගණනාවක් පුරා විවිධ ශිෂ්ටාචාරයන් එකිනෙක යා කළා. දැන්, එමඟින් අනාගතය යා කළ යුතුයි,” යනුවෙන් නාමල් රාජපක්ෂ එහි දී සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
