Image

ඇමරිකානු ඩොලර් මිලියන 715ක මුදලක් නීති විරෝධී ලෙස විදේශගත කළ ජිෆ්රි මොහොමඩ් 20වන දා දක්වා රිමාන්ඩ්

ඇමරිකානු ඩොලර් මිලියන 715ක මුදලක් නීති විරෝධී ලෙස විදේශගත කළ ජිෆ්රි මොහොමඩ් 20වන දා දක්වා රිමාන්ඩ්

රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් මිලියන 751 කට වඩා වැඩි දැවැන්ත මුදලක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාලව මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවෙකු වන ජිෆ්රි මොහොමඩ් නමැත්තා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නමැත්තා ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (06) නියෝග කළේ ය.

මොහු, වසර කිහිපයක් තිස්සේ මෙරට ජාතික ධනය විදේශයන්ට ඇද දැමු මෙරට ඉතිහාසයේ විශාලතම සහ ප්‍රධානතම කළු සල්ලි ජාවාරම්කරුවකු බව හෙළි වී තිබේ.

54(ආ) වගන්තිය යටතේ සැකකරුට එරෙහිව සාක්ෂි සම්පිණ්ඩන වර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහි දී නියෝග කළේ ය.

සිද්ධියට අදාලව අධිකරණයට කරුණු දක්වමින් මූල්‍ය විමර්ශන කොට්ඨාසය සඳහන් කර සිටියේ මෙම සැකකරු විසින් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ පමණක් නීතිවිරෝධී අයුරින් විදේශ රටවලට යවා ඇති මුදල රුපියල් කෝටි විසි එක්දහසකට (රු. කෝටි 21,000) අධික බවයි. එය අමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා වැඩි දැවැන්ත මුදලක් වන අතර මෙමඟින් මෙරට ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම සුළුපටු නොවන බවයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට පවසා සිටියේ.

බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්, කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය "A.Y ඉන්වෙස්ට්මන්ට්" නැමැති ආයතනය වටලා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ජිෆ්රි මොහොමඩ් නැමැති පුද්ගලයෙකු අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මෙම සූක්ෂ්ම ජාවාරම මෙහෙයවා ඇති බවයි.

මීගමුවේ පිහිටි නිවාස සංකීර්ණයක සැඟවී සිටියදී ඉකුත් ජුනි (19) දින මොහුව අත්අඩංගුවට ගෙන අද දක්වා රැදවුම් නියෝග ලබා ගෙන තිබුණි.

අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී පවා රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක් ඔහු සතුව තිබී ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න