ජන්දයේදී සල්ලි බෙදූ හැටි  : ෆයිසර් හෙළිකරයි !

ජන්දයේදී සල්ලි බෙදූ හැටි  : ෆයිසර් හෙළිකරයි !

ඡන්දයෙදි වැඩියෙන් සල්ලි බෙදුවේ නැගෙනහිර පළාතෙ බවත්  ගිණි පෙට්ටිවල දාලා පන්දහේ කොල බෙදු නායකයන් සිටින තැන රෙදි ඇඳගෙන කතා කිරීම පවා  ලැජ්ජාවක් බව අමාත්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කර ඇත.

 පළාත් සභා මැතිවරණය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පවසා ඇත.

සමහරු අද ජාතිය විකුණලා ජාතිය ගැන කතා කරනවා .අසූචි ගා ගත්තු සමහර මහත්වරු සුදනෝ වගේ මෙතැන කටයුතු කරනවා.මේ ඡන්ද ක්‍රමයෙන් කිසිම ජාතියකට අසාධාරණයක් වන්නේ නැහැ. දූෂිත මනාප ක්‍රමය කියා දේශපාලනයේ ලොකු පිරිහීමක් ඇතිවුණා. දූෂිත මනාප ක්‍රමය යළි ගේන්න ඉඩ දෙන්න එපා. දැනට තියෙන සීමා නිර්ණවාර්තාවෙන් අපට ඡන්දයක් තියන්න බැහැ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න