සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගේ සගයකු වන රත්මලානේ සයිමා සමග ඊයේ (10) මැලේසියාවේ සිට ගෙන ආ සැකකරුවන්ගෙන් අද (11) ගුවන්තොටුපළ පොලිසිය මගින් මීගමුව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එහි දී ගුවන්තොටුපළ පොලිසියේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ, මෙම සැකකරුවන් දෙදෙනා අපරාධකරුවකු වන සයිමා නැමැත්තා සමග රැඳි සිටිය දී මැලේසියාවේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවයි.
එහි දී අතිරේක මහෙස්ත්‍රාත් සුභානි අබේසේකර නියෝග කළේ සැකකරුවන් දෙදෙනා ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යි. වැඩිදුරටත් විමර්ශන සිදුකර ප්‍රගතිය වාර්තා කරන ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් වන්නේ, ලඩ්ඩු හන්දිගේ ලසන්ත ලක්මාල් සිල්වා සහ වියානගේ ඉෂාන් ශලින්ද කුමාර යන අයයි.
සයිමා සමග මැලේසියාවේ රැඳි සිටියදී අත්අඩංගුවට ගත් බැවින් ගුවන්තොටුපළ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බව ගුවන් තොටුපළ පොලිසිය සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
