Image

ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් ඇති කිරීම පිළිබඳව යෝජනාව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක්

ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් ඇති කිරීම පිළිබඳව යෝජනාව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් පරිදි, වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් (Intermediate Cadre) පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කිරීම සහ ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් නිල වශයෙන් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පියවර ගෙන ඇත.

මෙම විශේෂඥ කමිටුවේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි කටයුතු කරන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ (CCP) වෛද්‍ය අමිල සුරංග කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරයි.

මෙම විශේෂඥ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය සමින්දි සමරකෝන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හෙන්රත් එච්. ඩී. එන්. පී. ඕපාත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිලිප් ද සිල්වා වෙති.

මෙම කමිටුව විසින් ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු කෙරෙහි සිය අවධානය යොමු කරමින් නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව:

* අතරමැදි ශ්‍රේණිය (Intermediate Cadre) නිවැරදිව අර්ථ දැක්වීම.

* මෙම ශ්‍රේණියට ඇතුළත් කළ හැකි වෛද්‍ය විශේෂඥතා ක්ෂේත්‍ර (Medical Specialties) හඳුනාගැනීම.

* මෙම ශ්‍රේණිය සඳහා වෛද්‍ය නිලධාරීන් තෝරාගන්නා ක්‍රමවේදය සකස් කිරීම.

* මෙම අතරමැදි ශ්‍රේණියේ නිලධාරීන් සේවය කිරීමට අපේක්ෂිත කාලසීමාවන් තීරණය කිරීම ඒ අතර වේ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න