දිනෙන් දින ජනතා අප්‍රසාදයට පත්වෙමින් ඇති ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ පරාජිත කණ්ඩායම්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉලක්ක කර මඩ ව්‍යාපාර ආකාර දෙකකින් ක්‍රියාත්මක කරමින් ඇති බව සමගි ජනබලවේගයේ තෙල්දෙණිය ආසන සංවිධායක සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික මහේෂ් සේනානායක පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ අද සමගි ජනබලවේග කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ඔහු පෙන්වා දෙන්නේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ආරම්භයේ සිටම විරෝධතාවයක් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය අතර ඩීල් එකක් ඇති බවට මාලිමා ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවේ දී චෝදනා කළ බවයි. එලෙස එක් පැත්තකින් ආණ්ඩුවට සජිත් ප්‍රේමදාස චරිතයට මඩ ප්‍රහාර එල්ල කරද්දී, තවත් පැත්තකින් පරාජිත විපක්ෂය විසින් සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති අනුර කුමාර අතර ඩීල් එකක් ඇති බවට චෝදනා එල්ල කිරීම බරපතළ නොගැළපීමක් බව ද සේනානායක පෙන්වා දුන්නේ ය.
මෙම මඩ ප්‍රහාර සියුම්ව නිරීක්ෂණය කිරීමේදී, ජනතා විරෝධී ආණ්ඩුවටත්, විපක්ෂයේ පරාජිත කණ්ඩායම්වලටත් දැන් ප්‍රභලම අභියෝගය වී ඇත්තේ සජිත් ප්‍රේමදාස බව පැහැදිලිව පෙනෙන බව ද මහේෂ් සේනානායක අවධාරණය කළේ ය.
විපක්ෂයේ ඇතැම් පරාජිත දේශපාලකයින්ට සජිත් ප්‍රේමදාස ගේ ජනතාවාදී ගමන කඩාකප්පල් කිරීම සඳහා කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
මහේෂ් සේනානායක මේ අදහස් පළ කළේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහේෂ් සේනානායක…
රටේ ප්‍රජාත්ත්‍රවාදය සහ මිනිසුන්ගේ අයිති පිළිබඳ ප්‍රශ්නයක්
“නීතිඥ සංගමයේ සභාපතිවරයා 22වන සංශෝධනයට එරෙහිව අදහස් දක්වද්දී ආණ්ඩුව කිව්වා සජිත්ගේ ඩීල්එකක් තමයි ඔය ක්‍රියාත්මක කරන්නේ කියලා. දැන් පර්ලිමේන්තුව නියෝජනය නොකරන විපක්ෂයේ පිරිසක් කියනවා සජිත්ට ආණ්ඩුව එක්ක ඩීල් එකක් තියෙනවා කියලා. සිහියක් බුද්ධියක් තියෙන අයගෙන් අපි අහන්නේ මේ චෝදනා කරන්නේ කවුද කියන එක හොයල බලන්න. 22 වන සංශෝධනය සහ ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරීත්වය ඇත්තටම රටේ ඉදිරි පැවැත්ම ගැන ප්‍රශ්ණයක්. මේක සමගි ජනබලවේගයේවත්, ජනතා විමුක්ති පෙරමුණේවත් ප්‍රශ්නයක් නෙමෙයි. රටේ ප්‍රජාත්ත්‍රවාදය හා මිනිසුන්ගේ අයිතීන් පිළිබද ප්‍රශ්නයක්. එතකොට මේ සජිත්ට මඩගහන එක කොටසක් ඉන්නේ පැලවත්තේ. තවත් කොටසක් එහෙන් මෙහෙන් පඩිගන්න පිරිසක්. ඒ අයට සජිත්ට මඩගහනව ඇරෙන්න වෙන ලෝකයක් නෑ. එක පැත්තකින් කියනවා සජිත් තමයි 22 ට එරෙහිව සියළු දෙනා ගොනු කරන්නේ කියලා. තව පැත්තකින් කියනවා සජිත් අනුර එක්ක ඩීල් දානවා කියලා. මේක මාර හතරබීරි කතාවක්නේ. ඔව් සජිත්ට ඩීල් එකක් තියෙනවා. ඒ මේ රටේ ජනතාව එක්ක.”
නීත්‍යනුකූල මෙන්ම ජනතාවාදී එකම විපක්ෂය සමගි ජනබලවේගය
එවිට මාධ්‍යවේදියා යළිත් කියා සිටියේ, සජිත් සහ අනුර ගැන චෝදනාව කරන්නේ ඒකාබද්ධ විපක්ෂය බව ය.
“ ආණ්ඩුවේ මස්කටු උරන විපක්ෂයේ කියන සමහරු මේවා පිටුපස ඉන්නවා කියලා අපි දන්නවා. ඒකාබද්ධ විපක්ෂයක් කියල එකක් නෑ නේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන ඡන්දයෙන් පත්වෙච්ච එකම විපක්ෂය සමගි ජනබලවේගය විතරයි නේ. ක්‍රිකට් කණ්ඩායමක් උනත් ජාතික කණ්ඩායමට පස්සේ A ටීම්, B ටීම් කියලා අපි දැකලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ ජාතික කණ්ඩායම ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂය කියලා පෙනී ඉන්න ජී.එල්, වීරවංශ, ගම්මන්පිල මහත්තුරු ඉන්න කණ්ඩායමක් අපි දැකලා තියෙනවා. ඒක සමහරවිට A ටීම් වෙන්න ඇති. තව අර සංජය මහවත්තලා වගේ නීතිඥ සංගමයේ සභාපතිට ගෙදර යන්න කියලා කියන රැවුල් වවාගත්තු අංකල්ලා ඉන්ත තවත් ඒකාබද්ධ විපක්ෂයක් තියෙනවා, ඒක පිටිපස්සේ රූපවාහිනි නාළිකාවකුත් තියෙනවා කියලා අපි දන්නවා. ඒක ටීම් B ද? දන්නේ නෑ. අපිට කියන්න තියෙන්නේ නීත්‍යනුකූල මෙන්ම ජනතාවාදී එකම විපක්ෂය සමගි ජනබලවේගය කියලා තමයි.”
රෙදි නැතුව හිටියනම් සජිත් අගමැති වෙන්නේ 2015 දි
ඒ නිසා සජිත් ඇතුළු කණ්ඩායම පැහැදිලි අපේක්ෂාවක් සහ අරමුණක් සහිතව දේශපාලන කටයුතු සිදුකරන බවත්, ජනතා ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සජිත් ඇතුළු සමගි ජනබලවේගය එම නිසා ආණ්ඩුව සමඟ ඩීල් ක්‍රියාත්මක නොකරන බවත් අවධාරණය කළේය.
“ සජිත් ඇතුළු අපි ගරු කරන්නේ රෙදි ඇඳගෙන කරන දේශාපලනයට මිසක් රෙදි නැතිව කරන දේශපාලනයට නෙමෙයි. එහෙම රෙදි නැතුව හිටියනම් සජිත් අගමැති වෙන්නේ 2015 දී. පිටිපස්සෙන් ගිහින් රනිල්ට පිහියෙන් ඇණලා අගමැති වෙන්න කියල මෛත්‍රී කිව්වත් සජිත්, එහෙම කරන්න තරම් පහත් තැනකට වැටුනේ නෑ. අපේ ප්‍රධාන අරමුණු සජබ, එජාප ඒකාබද්ධවීම ඒක ඉතාම හොඳින් ක්‍රමවත්ව සිදුවෙනවා. ඊට අමතරව පිරිසිදු ප්‍රතිපත්ති එක්ක ඉන්න ඕනම කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ එක එක්කෙනාගේ නඩු කෑලි ගලවන එකක් නෙමෙයි.”
ජාත්‍යන්තර සිදුකරණ කරුණු විමසීම් හමුවේ ආණ්ඩුවට කටඋත්තර නැතිවෙලා...
මේ අතර 22වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු විමසමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා විසින් එවන ලද ලිපියට පිළිතුරු යොමු කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද මහේෂ් සේනානායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේ ය. ඔහු පෙන්වා දුන්නේ රටේ අධිකරණ පද්ධතිය ප්‍රශස්ථ තත්ත්වයකට පත් කිරීමට මෙම සංශෝධනය ගෙන එන බවට අමූලික බොරු කියමින් ආණ්ඩුව දැන් ජාත්‍යන්තරය ද ගොනාට ඇන්දවීමේ උත්සාහයක නිරතව සිටින බවයි.
“ ජාත්‍යන්තරය හා ජාත්‍යන්තර මාධ්‍ය 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩුවෙන් ඉතා තදින් ප්‍රශ්න කරමින් සිටිනවා. නමුත් ඒ විමසීම්වලට පැහැදිලි හා පිළිගත හැකි පිළිතුරක් ලබාදෙන්න ආණ්ඩුව අසමත්වෙලා. ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ ආයතනය, ආසියානු නීතිඥ සංගමය ඇතුළු සංවිධාන රැසක් ප්‍රකාශ කරලා තියෙන්නේ මේක අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනයක් වන බවයි. ඒ නිසා රට වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බව දැන් ජාත්‍යන්තර ආයතන තේරුම්ගෙන අවසානයි. එක පැත්තකින් ආර්ථිකය කඩා වැටෙනවා. තව පැත්තකින් සමාජය කඩා වැටෙනවා. රට අස්ථාවර වෙමින් තිබෙනවා. දැන් ආණ්ඩුව කරන්නේ අධිකරණයටත් අත තියන එකයි. ලෝකයේ වැටුණු බොහෝ රටවල්වල ආණ්ඩුත් මේ දේම තමයි කළේ. ආණ්ඩුව මේ සිදුකරමින් යන්නේ රට සමච්චලයට ලක්කිරීමේ ව්‍යාපෘතියක් බව දැන් සමාජයට වැටහෙමින් තිබෙනවා.” යනුවෙන් සේනානායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
