මෙරට ජනතාවට අඛණ්ඩව හා කාර්යක්ෂමව අවශ්‍ය ඖෂධ සැපයීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.
මෙම හවුල්කාරීත්වය යටතේ, මෙරට පවතින ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේද ඔස්සේ සපයා ගැනීමට අපහසු, අත්‍යවශ්‍ය ඖෂධ ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා ලබාගැනීමට පහසුකම් සැලසෙනු ඇත. සීමිත වෙළෙඳපොළ ප්‍රවේශය, ගෝලීය සැපයුම්කරුවන් ගේ සීමිත බව සහ කුඩා ප්‍රමාණයේ ප්‍රසම්පාදන හේතුවෙන් ලබාගැනීමට අපහසු වන ඖෂධ සඳහා මෙම වැඩපිළිවෙළ විශේෂ වැදගත්කමක් ගනු ඇත.
එම හවුල්කාරීත්වයට අදාළ අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතියෙන් පසුව අත්සන් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී පසුගියදා සිදුකළ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Ms. Azusa Kubota, Resident Representative of UNDP Sri Lanka) සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මෙම හවුල්කාරීත්වයට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම වැඩපිළිවෙළ මගින් ඖෂධ ප්‍රසම්පාදන සහ සැපයුම් දාම පාලනය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතියේ ප්‍රතිරෝධීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් දායකත්වය සැලසෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සතුව පවතින ජාත්‍යන්තර ප්‍රසම්පාදන යාන්ත්‍රණ සහ පූර්ව සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ගේ ජාල භාවිත කරමින්, සපයා ගැනීමට අපහසු ඖෂධ වෙත ප්‍රවේශය ලබාදීමට මෙහි දී කටයුතු කෙරේ. එම ඖෂධ ගුණාත්මකභාවය සහතික කිරීමේ ක්‍රියාවලීන්ට යටත්ව ලබාගැනෙන අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නීතිමය, නියාමන සහ අධීක්ෂණයට ද යටත් වේ. ඖෂධ ශ්‍රී ලංකාව තුළ නිකුත් කිරීම හා බෙදාහැරීමට පෙර අදාළ සියලු නියාමන සහ ගුණාත්මක ප්‍රමිති සපුරාලීම ද තහවුරු කෙරේ. තවද, විශාල පරිමාණයෙන් ගෝලීය වශයෙන් ඖෂධ මිලදී ගැනීම තුළින් තරගකාරී මිල ගණන් යටතේ ඖෂධ ලබාගැනීමට හැකියාව ලැබෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශිත ඖෂධ සඳහා වඩාත් කාර්යක්ෂම ප්‍රවේශයක් ද ඇති කරනු ඇත.
සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් දශක ගණනාවක් පුරා ලොව පුරා රජයන් සමඟ එක්ව තිරසාර ප්‍රසම්පාදන විසඳුම්, සැපයුම් දාම කළමනාකරණය, ඩිජිටල් නවෝත්පාදන සහ ආයතනික ධාරිතා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක සහය ලබාදී ඇත. මෙම හවුල්කාරීත්වය තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් සහ අවශ්‍ය ඖෂධ වඩාත් කාර්යක්ෂමව හා සාධාරණ මිල ගණන් යටතේ ලබාදීමට හැකිවීම, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් වනු ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) පී.පී.එස්. රෝහණ ද සිල්වා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්.පී.ඒ.එල් රණවීර, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ රත්නසේන, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රසම්පාදන) ඩබ්ලිව්.එස්.එන් බොතේජු, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජ්‍ය නේවාසික නියෝජිත මරීනා ටෙන් (Ms. Marina Ten), ආර්ථික විද්‍යාඥ ආචාර්ය වාගීෂ ගුණසේකර (Dr. Vagisha Gunasekara, Economist) යන අය එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
