Image

22වන සංශෝධනය තුළින් ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් බවට පත් වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

22වන සංශෝධනය තුළින් ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් බවට පත් වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ මේ රජය නැති කර 22 වැනි සංශෝධනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කර විධායකයේ බලතල තර කර ගරු අධිකරණය ජනාධිපතිවරයාගේ වහල්භාවයට ලක් කරන්න උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මාතලේ දිස්ත්‍රික්කකයේ ලග්ගල ආසනේ නාඋල, සමගි වනිතා බලවේගයේ කාන්තා බලමණ්ඩලය පිහිටවීමේ රැස්වීම අමතමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා…

මෙය ලක්ෂ 220කගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බරපතල අභියෝග රැසක් එල්ල කරනවා සේම භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස තමන් විශ්වාස කරන දර්ශනයක් පිළිගැනීම ආදිය නැති කර ජවිපේ ඒකාධිපති පාලනයක් කරා රට ගෙන යන බවත්, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායකය අධිකරණයට බලපෑම් කරනවා කියා විදේශ ආයෝජකයන් සිතුවොත් රටට එන්න ඇති ආයෝජන පවා නැති වන බවත් මේ වන විටත් රජයට මහා පරිමාණ ආයෝජකයන් රටට ගෙන එන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

නැවතත් රජය ටොම් පච රැස්වීම් මාලාවක් පවත්වනවා

මැතිවරණ සමයේ රැස්වීම් ගණනාවක් පවත්වා ජනතාවට ටොම් පච පොරොන්දු දී දැන් වසර 2ක් සැමරීම තුළ මේ ටොම් පච ආණ්ඩුව තවත් රැස්වීම් මාලාවක් පවත්වා මේ ටොම් පච තහවුරු කරමින් යන බවත් මේ මර්ධනකාරී භීෂණකාරී මනුෂත්වය නොදන්න මෘග රජය පරාජය කළ යුතු බවත් ගොවියා ධීවරයා සේම ලක්ෂ 220 ජනතාව සුරකින ආණ්ඩුවක් ගෙන ආ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසී ය.

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා පච වට්ටෝරුවක් ඉදිරිපත් කළා. මේ වන විට රටේ ජනතාව අභියෝග රැසකට මුහුණ දෙන බවත්, රටේ ලක්ෂ 220න් බහුතරයක් බරපතළ ආර්ථික අපහසුතා මැද අමාරුවෙන් ජීවත් වෙන බවත්, නිසි පෝෂණය, අධ්‍යාපනය ශක්තිය ලබා දෙන්න නොහැකව දෙමාපියන් අසරණ වී ඇති බවත් මෙයට ප්‍රධානම හේතුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනවා කියා පච වට්ටෝරුවක් ජනතාවට ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කරන්න නොහැකිව නොහැකියාවෙන් පෙළෙන ඒකාධිපති ආණ්ඩුවක් ක්‍රියාත්මක වන නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

රජයේ බොරු නිසා ජනතාව අනාථයි

ජනතාවගේ අපේක්ෂාව කාටවත් වහල් නොවී යටත් නොවී ස්වෝත්සාහයෙන් ජීවත් විය හැකි ජන ජිවිතයක් ගත කිරීම බවත් ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගෙන යහපත් ජන ජීවිතයක් තුළ ජන ජීවිතයේ ප්‍රගතිය ලබන යුගයක් නිර්මාණය විය යුතු වුවත් වත්මන් රජයේ බොරු කියන කණ්ඩායමේ පච වට්ටොරුවට රැවටී රටේම ජනතාව අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය. කෙත්වතු සරුසාර කරන, කර්මාන්තශාලා බිහිවන යුගය අවසන් වී කර්මාන්තශාලා රට අතහැර යුගයක් අද නිර්මාණය වී ඇති බවත් එයට හේතුව යහපත් ප්‍රගතිශීලී රාජ්‍ය පාලනයක් නොමැති වීම බවත් පැහැදිලි චින්තයක් තුළ ඉදිරියට යන රාජ්‍ය පාලනයක් රටේ නොමැති බවත් බොරු කියා ජනතාව රවටා මංමුලා කර මේ වන විට සමස්ත ජනතාව අපේක්ෂා භංගත්වයෙන් පෙළෙන බවත් ක්‍රමයේ වෙනසකට කතිරය ගසා දැන් ක්‍රමයේ වෙනසක් නොමැති බවත් පැවති වැඩපිළිවෙළ පවා විනාශ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

ආණ්ඩුව හදන්නේ ඒක පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න

අද වන විට රජය තනි අරමුණක් තුළ ඉදිරියට යමින් ඒකාධිපතිවාදයක් රටේ ස්ථාපිත කරන්න කටයුතු කරන බවත් හිට්ලර් වැනි තනි පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කරන්න භීෂණය බය ගැන්වීම අපරාධ ජනතාව චකිතයට පත් කර අවිනාශ්චිතතාව තුළ තම පක්ෂයට පමණක් සියලු දේ කරන්න පුළුවන් සියලු දේ අයිතියි කියන ඒක පක්ෂ පාලනයක් කරා මේ රජය ගමන් කරන බවත් මේ රජය ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට විසදුම් උත්තර ලබා දෙන්න නොහැකිව කෘර අමානුෂික දේශපාලනයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය. රජයට ප්‍රශ්න විසදන්න නොහැකි වී ඇති බවත් පොරොන්දු වූ ලක්ෂ 12 විට්ස් කාර් එක නොමැති බවත් 33%කින් විදුලි බිල අඩු නොවූ බවත් අදටත් වරායේ ගොඩබාන මිලට තෙල් නොමැති බවත් අස්වැසුම පවා අද කප්පාදුවන බවත් ජනතාවට ලැබෙන්න ඇති සහනාධාර පවා කප්පාදු වන බවත් මෙවැනි තත්ත්වයක් තිබියදී රජය රු. 17315කින් එක් අයකුට දින 30ක් ජිවත් වෙන්න හැකි බවට රජය පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න