22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව SCSD/62/2026 අංක යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ලියාපදිංචි කරන ලද පෙත්සම විභාගයට නොගැනීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දොළහ එක වගන්තිය මගින් සැමට නීතිය සාධාරණව සැලකිය යුතු බවට වූ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වීම සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
පෙත්සම් අංක SCFR/124/2026 යටතේ පෙත්සම ගොනු කර ඇත්තේ ශාන්ත ජයතිලක සහ දුලාර ගුණතිලක යන දෙදෙනා ය. වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටර්වරයා සහ නීතිපතිතුමා ය.
එම පෙත්සම මගින් ඉල්ලා ඇති සහනවලට අමතරව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත. එහි දී එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලබාදිය යුතුව ඇති දින 21 ක කාලය අවසන් වන තුරු එකී සංශෝධනයේ දෙවෙනි වර කියවීම වළක්වාලන වාරණ නියෝගයක් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
