Image

කොස් මල්ලි ගේ මස්සිනා ඝාතනයට ලක්වෙයි

කොස් මල්ලි ගේ මස්සිනා ඝාතනයට ලක්වෙයි

සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කොස් මල්ලි' නමැති පුද්ගලයා ගේ මස්සිනා වන 'භූත කළුවා' නමැති පුද්ගලයා තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කර ඇති බව දෙහිවල පොලීසිය පවසයි.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ අද (07) අලුයම 1.45ට පමණ බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඝාතනයට ලක්ව ඇති 46 හැවිරිදි මෙම පුද්ගලයා පදිංචිව සිට ඇත්තේ ඕබන් පෙදෙසේ ය. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කොස් මල්ලි' නමැත්තා සමග වසර කිහිපයක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි බව ද පොලිසිය සඳහන් කරයි.

අංශභාග රෝගී තත්ත්වයකට ලක් වූ බැවින් ඔහු මීට සති කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇත. සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් ත්‍රීරෝද රථයකින් පැමිණ නිවසේ දොර කඩා ඇතුළු වී, මෙම පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇත්තේ ඔහු ඇඳ මත නිදා සිටිය දී ය. බරපතළ තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

පොලිසිය සැක කරන්නේ මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික "බඩෝවිට අසංක"ගේ පාර්ශ්වය විසින් සිදුකරන්නට ඇති බව යි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතින බවත් පොලිසිය සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න