ආණ්ඩුවේ රටම එකට ජාතික මෙහෙයුමෙන් වසරක් තුළ කළ වැටලීම් ගණන 303,017 ක් බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස පවසයි.
එනම්, 2025 සැප්තැම්බර් මස සිට 2026 සැප්තැම්බර් 18 දක්වා කාලය තුළ කළ වැටලීම් වේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 302,218කි.
නීති විරෝධී වත්කම් විමර්ශනය කළ සැකකරුවන් ගණන 449ක් වන අතර රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 3,749ක්ද ඒ අනුව පුනරුත්ථාපනයට යොමු කර ඇති ගණන 2580ක් ද වේ.
එමෙන්ම එකී කාලය තුළ මෙම ජාතික මෙහෙයුමෙන් වසරක් තුළ මත්ද්රව්ය වැටලීම් ගංජා වැටලීම් 65,765ක් ද, හෙරෝයින් වැටලීම් 97,074ක්ද, අයිස් වැටලීම් 18,710ක්ද කොකේන් 261 ක්ද වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
