Image

ලබන සතියේ සිට පොහොට්ටුව ගමින් ගමට!

ලබන සතියේ සිට පොහොට්ටුව ගමින් ගමට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” කොට්ඨාස රැස්වීම් ලබන සතියේ සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද දින පාර්ලිමේන්තුවේදී එහි ජාතික කැඳවුම්කරු ඩී.වී චානක හා පාර්ලිමේන්ති මන්ත්‍රී චානක මාදුගොඩ සමග පැවති සාකච්ඡාවකදීය.

ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් පවතින බවත් ඔවුන් මර්දනය තුලින් රට පාලනය කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේය. එම නිසා ගමින් ගමට ගොස් මේ ආණ්ඩුවේ අසමත්කම පිළිබඳව දැනුවත් කරම ලෙසද නාමල් රාජපක්ෂ  පැවසීය. එසේම ආසන සංවිධායකවරුන් 'ගමින් ගමට' රැස්වීම් කඩිනමින් පවත්වන ලෙසට තමාගෙන් දැඩි ඉල්ලීම් කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

මේ වන විට උද්ධමනය සියයට අටක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේය. ගල් අඟුරු කන්ටේනර් හැකර් පැනීම පිළිබදව මෙන්ම මහා සංඝරත්නය හා බෞද්ධයන් පෙළා දමන මේ ආණ්ඩුවට එරෙහිව ගමින් ගමට ගොස් දැනුවත් කරන ලෙස නාමල් රාජපක්ෂ පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න