Image

"ගමින් ගමට" රැස්වීම් හෙට සිට කොළඹින් අරඹනවා - ජොන්ස්ටන් ප්‍රනාන්දු

"ගමින් ගමට" රැස්වීම් හෙට සිට කොළඹින් අරඹනවා - ජොන්ස්ටන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි හෙට (02) සිට "ගමින් ගමට"කොට්ඨාස රැස්වීම් මාලාව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

සතියේ දින පහේම මෙම "ගමින් ගමට" රැස්වීම් දිවයින පුරා පවත්වන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේය. 

ඔහු මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් අතර පැවති රැස්වීමකදීය.

ආණ්ඩුව විසින් ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු පිළිබඳව මෙන්ම මෙම ආණ්ඩුව විසින් සිදු කරන ලද වංචා හා දූෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවැසුවේය.

විශේෂයෙන්ම කන්ටේනර් 323 පැන්නීම, ගල් අඟුරු වංචාව, මහ බැංකුවට හැකරුන් පැනීම සහ වැරදි ගිණුම්වලට මුදල් යැවීම වැනි වංචාවන් පිළිබඳව ජනතාවට නැවත නැවතත් මතක් කරන ලෙස ද ඔහු උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම මැතිවරණ වේදිකාවල ලබා දුන් පොරොන්දු, විශේෂයෙන්ම සෞඛ්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ හා පාසල් උපකරණවල බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිබඳව හා තවත් බොරු පොරොන්දු රාශියක් දී ඇති බවත්, මේවා පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න