Image

දෙවැනි විත්තිකරුට අසනීපයි: රාජිතගේ නඩුව කල් යයි!

දෙවැනි විත්තිකරුට අසනීපයි: රාජිතගේ නඩුව කල් යයි!

2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්, හිටපු ධීවර අමාත්‍ය  රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 16 වැනි දා යළි කැඳවිමට අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් නියෝග කළේය.

ඒ අදාළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත් අවස්ථාවේදීය.

නඩුව සාක්ෂි විභාගය සඳහා අද කැඳවු අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කරුණු දක්වමින්, දෙවැනි විත්තිකරු අසනීප තත්වයක් හේතුවෙන් පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව පෙන්වා දුන්නාය.

එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදට නියමිත සාක්ෂි විභාගය දෙසැම්බර් 16 වැනිදා කැඳවීමට නියෝග කළේය.

අද දින පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට පැමිණිල්ලේ 2 සහ 3 යන සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න