Language Switcher

V2025

මංගල මරණ දඬුවමට එරෙහිවුයේ දේශපාලන වාසි ගන්න ද ?

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන්ට පෝරකයට යැවීමට තීන්දුව ගත් කැබිනට් මණ්ඩලයේදී ඊට විරුද්ධත්වය පෑ එකම පුද්ගලයා වන මංගල සමරවීර අමාත්‍යවරයාට  එවැනි ස්ථාවරයකට ඒමට බලපෑ ඉතිහාසයද තිබේ.

1956 බණ්ඩාරනායක ආණ්ඩුව එක්තරා විශේෂ පණත් කෙටුම්පතක් ගෙනාවේය. එනම්, `මරණීය දණ්ඩනයට එරෙහි පණත් කෙටුම්පතය. එය පාර්ලිමේන්තුවට (එවකට නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලයට) ඉදිරිපත් කළේ මංගල සමරවීර මහතාගේ පියා වූ කීර්තිමත් නිතඥයකු වූ මාතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහානාම සමරවීරය. ඒ, වැඩබලන අධිකරණ ඇමතිවරයා ලෙසිනි.

'මරණ දණ්ඩනයට' එරෙහි එම පනත බණ්ඩාරනායක රජය ඉදිරිපත්කල පළමු පනත් කෙටුම්පත් අතර වූවකි.

කෙසේවුවද බණ්ඩාරනායක මහතා සහසිකයකු අතින් ඝාතනය වීමත් සමග බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය යලි මරණ දඬුවම ස්ථාපිත කරනු ලැබිය.

ජාත්‍යන්තරයට දුන් ප්‍රතිඥාව :

2016 දී ඔස්ලෝ නුවර  පැවති මරණීය දණ්ඩනයට එරෙහි හයවැනි ලෝක සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් එවක විදේශ අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර විසින් ප්‍රගතිශීලි මහජන මතයක් ගොඩනගා අනාගතයේ ආසියානු කලාපය තුළ මරණීය දණ්ඩනයේ අවසානයක් දැකීමේ අභිලාෂය මහත් අපේක්ෂා සහගතව පල කොට තිබුනි.
අදාල දේශනය ;

මිනීමරා අපරාධ මැඩලමු :

‘නීත්‍යානුකූල’ මරණ දණ්ඩනය ගැන උද්‍යෝගීමත් කතාබහක් ඇවිල යන මෙවැනි මොහොතක ඒ සම්බන්ධයෙන් සටහනක් තබන JDS සංවිධානයේ රෝහිත භාෂණ අබේවර්ධන මහතා, ඇල්බයා කැමූගේ ප්‍රකට ලියවිල්ලක් වන ‘ගිලටිනය පිළිබඳ අවලෝකනයන්’ (Reflections on the Guillotine) පාදකකර ගනිමින් වත්මන් තත්වය මෙසේ විග්‍රයක් කරයි. 

ඇල්බයා කැමූගේ ‘ගිලටිනය පිළිබඳ අවලෝකනයන්’ (Reflections on the Guillotine) පටන් ගන්නේ සිය පියා මුල්කොටගත් කතාවකිනි. ඒ කතාව සැකෙවින් මෙසේ ය:

1914 පළමු ලෝක යුද්ධය පුපුරා යන්නට කලින්, ඇල්ජීරියාවේ ගොවි පවුලක, දරුවන් ද ඇතුළු, සියලු දෙනා ඝාතනය කළ ගොවිපොළ කම්කරුවකු ඇල්ජියර්ස් නගරයේ දී මරණ දණ්ඩනයට කැපකරනු ලැබිණ. ඔහු වැනි ලේ පිපාසිතයකු හිස ගසා දැමීමෙන් මරණයට පත්කිරීම මෘදු දඬුවමකැයි බොහෝ දෙනා සිතූහ. 

දරුවන් ඝාතන පුවතින් කැළඹුණු කැමූගේ පියා ද කල්පනා කළේ එසේය. ඒ නිසාම, අපරාධකරුවාට මරණ දඬුවම පමණුවනු බලන්නට නගරයේ එක් කෙළවරක රැස් කෑ ජනයා හා එක්වනු පිණිස ඔහු අළුයම නැඟිට සිය කැමැත්තෙන්ම ගියේය. 

නමුත් පෙරළා ගෙදර ආ ඔහු තමන් දුටු දේ ගැන කිසිවකු හා කතා නොකළේය. විකෘති වූ මුහුණින්, කඩිමුඩියේ ආ ඔහු මුනිවතින් මොහොතක් ඇඳේ වැතිර හිඳ නැගිට වමනය කරන්නට පටන් ගත්තේය.

උදාර වදන්වලින් වසා සඟවන ලද යථාර්ථය:

‘උදාර වදන්වලින් වසා සඟවන ලද යථාර්ථය ඔහු හරියටම වටහාගෙන තිබිණැයි’ කැමූ පසුව ලීවේය. හිස සිඳලනු පිණිස පෝරකය මතට ඇද දැමූ වෙවුලන සිරුර ගැන හැරෙන්නට අන් කිසි දෙයක් ගැන ඉන්පසු සිතන්නට තම පියා අසමත් වූ බව ඔහු ආවර්ජනය කළේය.

ඉක්බිතිව, හේ මෙසේ ලියයි: “හුදු ප්‍රචණ්ඩත්වය මත පදනම් වූ අපරාධයකට වඩා පූර්ව සැළසුම් මත සිදුකළ අපරාධයක් බරපතල බව බොහෝ නීති රෙගුලාසි විසින් සළකනු ලබයි. නමුත් ඒ අනුව බලතොත්, මරණ දණ්ඩනය යනු, කවර ලෙස ගණන් බැලුවද, කිසිදු අපරාධකරුවකුගේ අපරාධ ක්‍රියාවක් සමග සැසඳිය නොහැකි තරම් ඉතාමත් සැලසුම් සහගත ඝාතනයක් හැර අන් කුමක්ද?”

කැමූගේ තර්කය මෙයයි: අපරාධකරුවකු විසින් කළ ඝාතනයක්, නීත්‍යානුකූලව මරණ දණ්ඩනය පැනවීමක් හා සමාන විය හැකි එකම එක ආකාරයක් තිබේ. එනම්, එම අපරාධකරුවා, තමන් විසින් ඝාතනය කිරීමට නියමිත පුද්ගලයාට, ඇය හෝ ඔහු මරා දමන දිනය කල් තියා දැනුම් දී, ඒ දිනය එන තෙක් තමන්ගේ අනුකම්පාව යටතේ ජීවත්වීමට සැළැස්වීමයි.

භාෂානගේ සම්පුර්ණ ලිපිය මෙතනින් ජනාධිපති හා දඩ කෙළියේ යන ආගමික හා ‘වාමාංශික ෂෙරීෆ්’ලා