අජිත් ප්‍රසන්න රටම දන්න පිස්සෙක් - වෙල්ගම (වීඩියෝ)

අජිත් ප්‍රසන්න රටම දන්න පිස්සෙක් - වෙල්ගම (වීඩියෝ)

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පිළිතුරුදීමට තමන්ට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකින් පසුව මාධ්‍යවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

අජිත් ප්‍රසන්න යනු ගමත් අත්හැර ගොස් වෙනත් ප්‍රදේශයක පදිංචිවී මැතිවරණයට ඉදිරිපත්ව ජන්ද 5000ක් වත් ගන්න නොහැකිවූ රටම දන්නා පිස්සෙක් බවත් එවැනි පිස්සෙක් සමඟ තමන්ට කිසිම කතාවක් නැති බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

වෙල්ගම මන්ත්‍රීවරයාගේ  මේ අදහස් දැක්වීමට හේතුවුයේ   එක්බද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බවත් ඔහු ඒකාබද්ධ විපක්ෂයේ තොරතුරු ආණ්ඩුවට දෙන බවටත් පසුගියදා අජිත් ප්‍රසන්න මාධ්‍ය හමුවක් පවත්වමින් එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින්ය.


වෙල්ගම දිගටම ගෝඨා විරෝධයේ !

කෙසේ වුවත් වෙල්ගම මන්ත්‍රීවරයා එදින පොදුජන පෙරමුණේ ජන හමුව අමතමින්ද හිට්ලර් පන්නයේ ඒකාධිපති ආණ්ඩුවකට තමන් විරුද්ධ බව දැඩිව අවධාරණය කර සිටියේය.

උතුරෙන් ඇතැමුන් යළිත් ප්‍රභාකරන් කෙනෙකු ඉල්ලන විට දකුණේ ඇතැමුන් හිට්ලර් පාලනයක් ඉල්ලා සිටින බවත් තමන්ට අනුව නම් එම පාලකයින් දෙදෙනාම දරුණු ඒකාධිපතියන් බැවින් එවැනි පාලනයක් යටතේ රාත්‍රියට ගෙදර නිදාගෙනත් හමාර  සමයක් උදාවනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න