මීට හැට එක් වසරකට පෙර: එනම්, 1965 මැයි 14වන දා, ශ්‍රී ලංකාවේ දුක් විඳින නිර්ධන පාන්තික ජනතාව ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, අසාධාරණයට එරෙහිව නැගී සිටින ජනතා දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ බිහි විය.
එම ව්‍යාපාරය බිහි කළේ තම තරුණ ජීවිතය ම ජනතාව වෙනුවෙන් කැප කළ, වයස අවුරුදු විසි එකක් පමණක් වූ රෝහණ විජේවීර නම් තරුණයා ය. ඔහු සමග එක් වූ සමාජ සාධාරණත්වය පැතූ විප්ලවවාදී තරුණ තරුණියන් දස ලක්ෂ ගණනින් එම දේශපාලන ව්‍යාපාරය පෝෂණය කළේ ය.
සැප සම්පත්, පුද්ගලික ජීවිතය, ආරක්ෂාව සහ අනාගතය පවා පසෙක තබා, දුක් විඳින පුංචි මිනිසුන් ගේ ජීවිතයට සාධාරණයක් ඉටු කළ යුතු ය යන අධිෂ්ඨානයෙන් ඔහු මෙම ව්‍යාපාරය ගොඩනැගීය. අසාධාරණය, සමාජ අසමානතාවය සහ පීඩනයට එරෙහිව ජනතාව අතර දේශපාලන සජීවීකරණයක් ඇති කළ එම ගමන, එදා වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන යේ ප්‍රබලම ජනතා ව්‍යාපාරයක් බවට පත්විය. ලේ, කඳුළු, දුක් වේදනා සහ අසීමිත කැපවීම් මතින් ගොඩනැගුණු මෙම ව්‍යාපාරය, පරම්පරා ගණනාවක තරුණයන්ගේ සිහින, බලාපොරොත්තු සහ අරගලවල සංකේතයක් වීය .
අද එහි හැට එක්වන සංවත්සරය සමරන මෙම මොහොතේ, ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලුම විප්ලවවාදීන්ට, ක්‍රියාකාරීන්ට සහ අනුගාමිකයින්ට අපගේ ගෞරවනීය ආචාරය පුද කරමු...!
“දුක් විඳින ජනතාව ගේ නිදහස සහ ගෞරවය වෙනුවෙන් ආරම්භ කළ අරගලය කිසිදා නතර නොවේ.”
ජනතාව ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තම තරුණ ජීවිතයම අරගලයකට කැප කළ රෝහණ විජේවීර ඇතුළු ලක්ෂ ගණනක් වූ විප්ලවවාදී මිනිසුන් සිහිපත් කරමින්, ජනතා විමුක්ති පෙරමුණ ට වසර හැට එකක් සපිරෙන මෙම මොහොතේ, ඔහුට මල් පහන් පුද කරන සියලු දෙනාට ම ඔහුගේ දෑස තුළ තිබූ අධිෂ්ඨානය, ජනතාව වෙනුවෙන් තිබූ කැපවීම සහ අසාධාරණයට එරෙහිව නැගී සිටින ධෛර්යය දැක ගැනීමට ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.
“විප්ලවයක් යනු වචනයක් නොව, ජනතාව වෙනුවෙන් ජීවිතයක්ම කැප කරන අධිෂ්ඨානයකි.”

උවිඳු විජේවීර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
